ගෙවල් ගිනි ගත්තා කියලා වන්දි ලෙස රුපියල් කෝටි 122.41ක් අරගෙන..කාගේ කාගේත් පැටිකිරිය එළියට..ගානත් එක්කම නම් ටික මෙන්න..(VIDEO)

Government Of Sri Lanka Galle Face Green Protest Latest Headlines Nalinda Jayatissa
By Sewvandhi Feb 06, 2025 12:47 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (06) පාර්ලිමේන්තුවේදී ,අරගලය පැවැති 2022 වසරේ ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හෙළි කළේය.

මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ලබාගෙන ඇති වන්දි මුදල්වල සමස්ත වටිනාකම රුපියල් කෝටි 122.41ක් බව‍යි, එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතරින්, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇති අතරජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934ක්,ගාමිණි ලොකුගේ රුපියල් ලක්ෂ 749ක්,අලි සබ්රි රහීම් රුපියල් ලක්ෂ 709ක් සහ නිමල් ලාන්සා රුපියල් ලක්ෂ 692ක් බැගින් රජයෙන් වන්දි ලබාගෙන ඇති බවය.

සම්පූර්ණ ලැයිස්තුව පහතින්,


කපිල නුවන් අතුකෝරළ - රුපියල් 504,000

විමලවීර දිසානායක - රුපියල් 550,000

ගීතා කුමාරසිංහ - රුපියල් 972,000

ජනක තිස්සකුට්ටිආරච්චි - රුපියල් 1,143,000

ගුණපාල රත්නසේකර - රුපියල් 1,412,780

ප්‍රේමනාත් සී දොලවත්ත - රුපියල් ලක්ෂ 23යි

ප්‍රියංකර ජයරත්න - රුපියල් 2,348,000

සම්පත් අතුකෝරළ - රුපියල් 2,540,610

ජයන්ත කැටගොඩ - රුපියල් 2,814,800

විමල් වීරවංශ - රුපියල් 2,954,000

මහාචාර්ය චන්න ජයසුමන - රුපියල් 3,334,000

අකිල එල්ලාවල - රුපියල් 3,554,250

චමල් රාජපක්ෂ - රුපියල් 6,539,374

චන්දිම වීරක්කොඩි - රුපියල් 6,948,800

අශෝක ප්‍රියන්ත - රුපියල් 7,295,000

සමන් ප්‍රිය හේරත් - රුපියල් ලක්ෂ 105.2යි

ජනක බණ්ඩාර තෙන්නකෝන් - රුපියල් ලක්ෂ 105.5යි

රෝහිත අබේගුණවර්ධන - රුපියල් ලක්ෂ 116.4යි

විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ - රුපියල් ලක්ෂ 137.8යි

සහන් ප්‍රදීප් - රුපියල් ලක්ෂ 171.3යි

ශෙහාන් සේමසිංහ - රුපියල් ලක්ෂ 185.1යි

ඉන්දික අනුරුද්ධ - රුපියල් ලක්ෂ 195.5යි

මිලාන් ජයතිලක - රුපියල් ලක්ෂ 223යි

වෛද්‍ය රමේෂ් පතිරණ - රුපියල් ලක්ෂ 281යි

දුමින්ද දිසානායක - රුපියල් ලක්ෂ 288යි

කනක හේරත් රුපියල් ලක්ෂ 292යි

ඩී බී හේරත් - රුපියල් ලක්ෂ 321යි

ප්‍රසන්න රණවීර - රුපියල් ලක්ෂ 327යි

ඩබ්ලිව් ඩී වීරසිංහ - රුපියල් ලක්ෂ 372යි

ශාන්ත බණ්ඩාර - රුපියල් ලක්ෂ 391යි

එස් එම් චන්ද්‍රසේන - රුපියල් ලක්ෂ 438යි

සනත් නිශාන්ත - රුපියල් ලක්ෂ 427යි

සිරිපාල ගම්ලත් - රුපියල් ලක්ෂ 509යි

අරුන්දික ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 552යි

සුමිත් උඩුකුඹුර - රුපියල් ලක්ෂ 559යි

ප්‍රසන්න රණතුංග - රුපියල් ලක්ෂ 561යි

කෝකිලා ගුණවර්ධන - රුපියල් ලක්ෂ 587යි

මොහාන් පී ද සිල්වා - රුපියල් ලක්ෂ 601යි

නිමල් ලාන්සා රුපියල් ලක්ෂ - 692යි

අලි සබ්රි රහීම් - රුපියල් ලක්ෂ 709යි

ගාමිණි ලොකුගේ - රුපියල් ලක්ෂ 749යි

ජොන්ස්ටන් ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 934යි

කෙහෙළිය රඹුක්වැල්ල - රුපියල් ලක්ෂ 959යි

"අපිත් ඒ දවස්වල මාධ්‍යයෙන් දැක්කා සමහර ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලපෑම් කරලා තියෙනවා.. වන්දි වැඩියෙන් තක්සේරු කරන්න කියලා., ,සාමාන්‍යයෙන් අපේ රටේ ස්වභාවික ආපදාවක් වුණත් පූර්ණ හානියක් වුණත් දෙන්න පුළුවන් උපරිම වන්දිය රුපියල් ලක්ෂ 25යි."

"හැබැයි බලය අතේ තියෙන අය මේ වන්දිය අරගෙන තියෙන්නේ මෙහෙමයි." යනුවෙන් ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

You may like this video 👇


ReeCha