ගුරුවරුන්ගේ වැටුපට මොකද වෙන්නේ?. පුරප්පාඩු, උසස්වීම්,ස්ථාන මාරුවීම්..
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන බවයි.
ඇය මේ බව සදහන් කළේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර අද (08) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දී ය.
මෙහිදී ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සේවයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රාශියක් පිළිබඳව සාකච්ඡා විය.
මෙම සේවාවන්හි උසස්වීම්, වැටුප් විෂමතා, වෘත්තීය ගැටලු, ගුරු විදුහල්පති සේවයේ ස්ථාන මාරුවීම් නිසි පරිදි සිදු කිරීම (ජාතික හා පලාත්), ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු වලට බඳවා ගැනීම ද සාකච්ඡා විය.
එමෙන්ම, ගුරු උපදේශක සේවයේ කඩඉම් විභාග පැවැත්වීම යන කරුණු කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ ගුරුවරුන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)