ඇල්ටෝ ලක්ෂ 65යි.. ඇක්වා ලක්ෂ 135යි.. වෙසල් ලක්ෂ 200යි.. තරු පේන රටින් මෙරටට බස්සන.. වාහන මිල ගණන් මෙන්න..
වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමග මෙරටට අනයනය කරන පළමු වාහන තොගය මෙම මස අවසන් සතියේ දි මෙරටට පැමිණීමට නියමිතය.
ඒ බව වාහන ආනයනකරුවන් සදහන් කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව සදහන් වේ.
ඒ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා කියා සිටියේ ය.
ඒ මහතා මේ බව සදහන් කළේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක් වෙමින් ය.
එමෙන්ම, ජපාන ඇක්වා රථයක මිල රු. ලක්ෂ 135 පමණ ද, හොන්ඩා වෙසල් මෝටර් රථයක් රු. ලක්ෂ දෙසීය ඉක්මවනවා ද යනු ඇති බව ඔහු පැවසීය.
තව ද, ජපාන වැගන් ආර් මෝටර් රථයක් ලක්ෂ 90ක් පමණ වනු ඇති බව මෙන්ම ජපන් ඇල්ටෝ රථයක මිල රුපියල් ලක්ෂ 75 ඉක්මවා ඇති බව ද ඒ මහතා සදහන් කළේ ය.
තවද, Leaf රථයක මිල රු. කෝටි දෙකක් පමණ වන බව ද ඔහු පැවසීය.