පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට පහරදීමක්.. එවලෙම රෝහලට..
අද (08) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා.
ඒ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු මෙන්ම එරාවුර් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මොහොමඩ් සාලි නලීම් මහතාටයි.
ඒ හේතුවෙන් ඔහුව එරාවුර් මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ මහතා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආධාරකරුවෙකු විසින් මෙලෙස පහරදුන් බව ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ මෙලෙස පහර දීමට හේතුව දේශපාලන ගැටලු නිසා බවයි.