රටපුරා ඉන්ධන අලෙවියට මොකද වුණේ?. ප්‍රචාරය වුණ දෙය ඇත්තක් ද?.. දැනුම්දීමක් මෙන්න..

Fuel Price In Sri Lanka Latest Headlines Decision Making
By krishani Feb 08, 2025 01:17 PM GMT
krishani

krishani

Report

ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ එල්ල වන චෝදනාවක් සම්න්ධයෙන් ය.

ඒ ඉන්ධන පිරවුම්හල් ඉන්ධන අලෙවි කිරීමෙන් පසු අයුතු ලාභයක් ලැබීම ගැන වූ චෝදනාවයි.

ඉන්ධන අලෙවි කිරීමේ දි ඉන්ධන පිරවුම්හල් හිමියන් 03%ක අයුතු ලාභයක් ලබා ගන්නා බවට මාධ්‍ය වාර්තා පළ කර තිබූ බව එම සංගමය සදහන් කළේ ය.

ඒ නිවේදනයක් නිකුත් කරමින් ය.

රාජ්‍ය සේවයේ අලුත්ම වෙනසක්.. සේවකයින් බඳවා ගන්නත් අනුමැතිය ලැබිලා.. මෙහෙම..

රාජ්‍ය සේවයේ අලුත්ම වෙනසක්.. සේවකයින් බඳවා ගන්නත් අනුමැතිය ලැබිලා.. මෙහෙම..

තාම දන්නේ නැද්ද.. ගණුදෙනුකාරභවතුන්ට ලංකා බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

තාම දන්නේ නැද්ද.. ගණුදෙනුකාරභවතුන්ට ලංකා බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

ඒ අනුව ඔවුන් සදහන් කළේ තමන් ඛණිජ තෙල් ආනයනය කිරීම, බෙදාහැරීම හෝ ඛණිජ තෙල්වල පිරිවැය ගණනය කිරීමක් සිදු නොකරන බවයි.

එමෙන්ම, ඛණිජ තෙල් නිෂ්පාදන පාරිභෝගිකයාට විකිණීම පමණක් ඔවුන්ගේ කාර්ය වන බව එම සංගමය සදහන් කළේ ය.

ඔවුන් අලෙවිය සඳහා ඛනිජ තෙල් තොග මිල දී ගනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් හෝ වෙනත් පෞද්ගලික සමාගම්වලින් බව එම නිවේදනයේ සදහන් වේ.

මෙම ක්‍රියාවලිය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග අත්සන් කර ඇති ගිවිසුමෙන් පිටත ඉන්ධන පිරවුම්හල් හිමියන්ට අනවශ්‍ය ලාභ උපයා ගැනීමට ක්‍රමයක් නොමැති බව ඔවුන් පවසයි.

ලබන 14 පාසල් වැසෙයි?..

ලබන 14 පාසල් වැසෙයි?..

වැඩිදුරටත් එම සංගමය සදහන් කළේ ඉන්ධන අලෙවි කිරීමෙන් ලබන්නා වූ එම 03%ක මුදල ලාභයක් නොව ඉන්ධන අලෙවි කිරීමෙන් ලබා ගන්නා ආදායම් මුදලක් බවයි.

කෙසේ වෙතත්, එයින් බැහැරව කිසිදු අමතර මුදලක් ඉන්ධන අලෙවි කිරීමෙන් ඉන්ධන පිරවුම්හල් වෙත නොලැබෙන බව වැඩිදුරටත් ඔවුන් සදහන් කර තිබෙනවා.

You May Like This Video👇 

ReeCha