කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් දැනුම්දීමක් - ලංකාවට සහයෝගය නැති වෙයිද..

Government Of Sri Lanka Government Of India Ministry of Defense Sri Lanka India
By Sewvandhi Feb 08, 2025 10:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආරක්ෂක අමාත්‍යංශයේදී ,මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව තිබේ.

එම සාකච්ඡාවේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇත.

එමෙන්ම දෙරට අතර පවතින දීර්ඝ කාලික ද්විපාර්ශික සබඳතා මෙහිදී අවධාරණය කෙරිණි. ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් කලාපීය ආරක්ෂාව සහ සමුද්‍රීය සහයෝගීතාව පිළිබඳවද ඔවුන් එහිදී අදහස් හුවමරු කරගෙන තිබේ.

මහකොමසාරිස්වරයා එහිදි අවධාරණය කර තිබෙන්නේ, ආරක්ෂක කටයුතුවලදී ත්‍රස්තවාදයට එරෙහි වීම, සමුද්‍රීය ආරක්ෂාව සහ ආපදාවලට ප්‍රතිචාර දැක්වීමේදි මෙරටට ඉන්දියාවේ සහයෝගය ලබා දෙන බව‍යි.

ආරක්ෂක ලේකම්වරයා ඉන්දියාවේ අඛණ්ඩ සහය සඳහා මෙහිදි කෘතඥතාව පළකර ඇති අතර කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක හවුල්කාරිත්වයේ වැදගත් කාර්යභාරය අගය කර තිබේ.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේෂක කැප්ටන් ආනන්ද් මුකුන්දන් සහ සාගර ආරක්ෂක උපදේශක ලුතින්න් කර්නල් මන්දීප් සිං නේගි ද එක්ව සිටියහ. 

You may like this video 👇


ReeCha