මේ දරුවන් පාසල් එවන්න එපා - දෙමාපියන් ගෙන් විශේෂ ඉල්ලීමක්.. (VIDEO)

Sri Lanka Education Healthy School opening
By Aruna Oct 24, 2021 02:52 AM GMT
Aruna

Aruna

Report

අන්තර් පළාත් සංචරණ සීමා හේතුවෙන් හෙට සිට පාසල් වෙත පැමිණීමට නොහැකි සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ කාර්ය මණ්ඩලවලට පාසල් වෙත පැමිණීමට පහසුකම් සැපයීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ දුරස්ථ පාසල්වලට යාමට අකමැති සිසුන්ට තම ප්‍රදේශයේ පාසලක අධ්‍යාපන කටයුතු සිදු කිරීමටද අවස්ථාව ලබා දී ඇති බවයි.

මේ අතර පාසල් විවෘත කිරීම විධිමත් සැලසුමකින් තොරව සිදුකර ඇති බව ගුරු - විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එය නියෝජනය කරන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ, වැටුප් ගැටලුවට එරෙහිව හෙට සිට පාසල් තුල අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

මේ අතර, දරුවන් යම් අසනීප තත්වයකින් පසු වන්නේ නම් ඔවුන් පාසල් වෙත එවීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

දිවයින පුරා සියලු පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා වන ප්‍රාථමික ශ්‍රේණි හෙට සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.



ReeCha