25 ගුරුවරු ආවත් දරුවන් ගැන භයානක අනතුරු ඇඟවීමක්...

Sri Lanka Education Students School opening
By Aruna Oct 19, 2021 03:32 AM GMT
Aruna

Aruna

Report

ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමය හේතුවෙන් දරුවන් බොහෝ දෙනෙකු අන්තර්ජාල ක්‍රීඩා සඳහා යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

පාසැල් අධ්‍යයන කටයුතු සිදුනොවීම හේතුවෙන් දරුවන්ගේ පෙරට වඩා මානසික ගැටළුවල වැඩිවීමක් ද දක්නට ලැබෙන බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ.

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් නැවත පාසල් ආරම්භ කිරීමේදී දරුවන් පාසලට පැමිණීමට මැලි වීම, ඇතැම් දරුවන් පාසැල හැරයාමේ ප්‍රවණතාවක් ඇති විය හැකි බවද විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ජනතාව සෞඛ්‍ය පිළිවෙත්වලට අනුගතව කටයුතු නොකළ හොත් ඉදිරියේදී රට යළි සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

සංචරණ සීමා නොතකමින් ඉකුත් සති අන්තයේදී බොහෝ පිරිස් විවිධ ප්‍රදේශයන්හි සංචාරවල නිරත වී සිටිනු දක්නට ලැබුණු බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

පවතින තත්ත්වය හමුවේ මෙරට ජනතාව එළඹෙන දෙසැම්බර් මාසය වනතෙක් හෝ දැඩි සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.

මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් අඩුවීම සෑහීමකට පත්විය හැකි මට්ටමකට පැමිණ නොමැති බැවින් ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මේ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්. ජනතාවගේ වගකිම් විරහිත හැසිරීම් රටාව හමුවේ පොදු ප්‍රවාහන සේවා ආරම්භය තවදුරටත් කල්දැමිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

පොලීසිය ද ජනතාවගෙන් ඉල්ලිමක් කළේ සති අන්තයේ සහ නිවාඩු දිනවලදී කණ්ඩායම් වශයෙන් එක් රැස් නොවී මෙම වසංගත තත්වය පාලනය කිරීමට උපරිම සහාය දක්වන ලෙසයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha