පාසැල් දරුවන් සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්..
අද සිට දරුවන් එන්නත්කරණ කටයුතු සඳහා රැගෙන ඒමේදී දරුවාට නියමිත එන්නත් මධ්‍යස්ථානය පිළිබඳ කල් වේලා ඇතිව නිවැරදිම තොරතුරු දැනගෙන දරුවන් ඒ සඳහා යොමු කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.
සමහර ප්‍රදේශ වල පාසල් තුන හතරකටම එන්නත් කරන කටයුතු සිදු කරන එක මධ්‍යස්ථානයක් වෙන් කර ඇති බවින් ඒ පිළිබදව ඔබගේ පාසලෙහි විදුහල්පිතුමාගෙන් විමසන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන මහතා කියා සිටියේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්නට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවියෙහි මෙම නිවේදන පලකර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
මේ අනුව අද සිට එන්නත් ලබාදෙන වයස් ඛාණ්ඩයේ පසුවන එහෙත් මේ වන විට පාසැල් නොයන දරුවන් එන්නත් කරන්නේ කෙසේ ද?
මේ පිළිබඳව අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා.
2001 ඔක්තෝබර් මස 16 වන දින ඉපදුන දරුවාගේ සිට 2003 ඔක්තෝබර් මස 15 වන දින දක්වා ඉපදුන දරුවන් මෙම ඛාණ්ඩයට අයත් වනවා.
ඒ අනුව මෙම දරුවන් අදාල පාසලට හෝ නැතහොත් තමන් සිටින ප්‍රදේශයේ ලගම ඇති මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර ඉදිරි දිනවලද දරුවන් එන්නත් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි.
දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු with ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න |
