වරකා කඩන්න ගිය දරුවෙක් ඇලකට වැටීමෙන් මරුට.

Hungama School child death Ammalanthota maha vidyalay
By Aruna Jul 14, 2021 07:13 AM GMT
Aruna

Aruna

Report

හුංගම ප්‍රදේශයේ ඇලක් අසල පිහිටි කොස් ගසකින් වරකා ගෙඩියක් කැඩීමට ගිය 14 හැවිරිදි දරුවෙක් ඇලට වැටීමෙන් මියගොස් තිබෙනවා.

ඔහු නෝනාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මවට අසනීප වීම හේතුවෙන් හුංගම පිහිටි මිත්තණියගේ නිවසට පැමිණ සිටියදීයි මෙම අනතුරට ලක්වී ඇත්තේ.

උස ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්ලාස්ටික් පුටුවක් උඩට නැග වරකා ගෙඩිය කැඩීමට උත්සාහ දැරීමේදී එම ස්ථානයෙන් ගලා යන ඇලට වැටීමෙන් මෙම පිරිමි ළමයා මියගොස් ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

14 හැවිරිදි ඔහු අම්බලන්තොට මහා විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අයෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර තංගල්ල මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවයි.

මව සහ තමා සමග මිත්තණියගේ නිවසට පැමිණ සිටියදී තම සොයුරාට වරකා කෑමට කැමති බවට පවසා ටික වේලාවකින් ඔහු නිවසේ නොමැතිවීම හේතුවෙන් කළ සොයා බැලීමේදී කැඩීගිය පුටුව සහ පාවහන් වරකා ගස අසල තිබී සොයාගත් බව මියගිය පිරිමි දරුවාගේ වැඩිමහල් සොයුරිය ප්‍රකාශකර තිබෙනවා.

අනතුරුව කළ සොයා බැලීමකදීයි ඔහු ඇලට වැටී සිටියදී හමුවී ඇත්තේ. සිද්ධිය පිළිබඳ හුංගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



ReeCha