පාසලකට දැවැන්ත ප්‍රහාහයක්..16 ක් මියයයි..විශාල පිරිසක් තුවාල ලබයි..

By Aruna Jul 07, 2024 04:32 AM GMT
Report

පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

එම ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

සරණාගත කඳවුරක් පිහිටි පාසලක් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.

ඉදිරි පැය කිහිපය අවධානම්..වහාම ආරක්ෂිත ස්ථානයන් වෙත යන්නැයි දැනුම්දෙයි..

ඉදිරි පැය කිහිපය අවධානම්..වහාම ආරක්ෂිත ස්ථානයන් වෙත යන්නැයි දැනුම්දෙයි..


එම පාසල තුළ පුද්ගලයින් 7,000ක් පමණ රැඳී සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් තහවුරු කරයි.

කෙසේවෙතත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැඩි වශයෙන් පවතින ප්‍රදේශයක් වෙත එම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි, එම චෝදනා ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ.