ශිශ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ගේ දෙමව්පියන්ට විශේෂ දැනුම් දීමක්

Ministry of Education Grade 05 Scholarship examination
By Sithumi Dec 17, 2022 05:39 PM GMT
Sithumi

Sithumi

Report

 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වෙනවා. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර පවතින බවයි විභාග කොමසාරිස් ජෙනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් පැවසුවේ දරුවන් අනවශ්‍ය ලෙස පීඩනයකට ලක් නොකර ඔවුන්ට නිදහසේ විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම මව්පියන්ට මේ මොහොතේ පැවරෙන වගකීම වන බවයි.  

හෙට දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් අද දිනය විවේකීව ගත කිරීමේ වැදගත්කම ප්‍රවීන ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුතුමන් මේ අතර හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයේදී පෙර වසර වලට සාපේක්ෂව වෙනසක් සිදු කර තිබෙනවා. 

 ඒ අනුව හෙට උදෑසන 09 යි 30 ට ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වන අතර එහිදී පළමුව දෙවන ප්‍රශ්න පත්‍රය ලබා දෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ. පෙරවරු 09 යි 30 සිට පෙරවරු 10 යි 45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමට කාලය වෙන් කෙරෙනවා.  පැය භාගයක විවේකයකින් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රය ලබා දෙන්නේ පෙරවරු 11යි 15 ටයි.   

පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට දහවල් 12 යි 15 දක්වා පැයක කාලයක් ලබා දෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළ අතර  හෙට දිනයේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම හේතුවෙන් අද රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.