කලින් පිටවූ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ගැන දැන් ලැබුණු තීරණය..!

Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Latest Headlines
By Sewvandhi Dec 16, 2024 09:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ, පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිට වූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගත්තා.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගත්තා.

දින පහක් තුළ පෞද්ගලික අංශය සිදු කළ දේ..

දින පහක් තුළ පෞද්ගලික අංශය සිදු කළ දේ..

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පසුගියදා අවසන් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කිරීම සඳහා පදනම් වී ඇති විද්වත් කමිටු වාර්තාව සකස් කර ඇත්තේ ඊට සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කිරීමකින් තොරව යැයි සඳහන් කළා.

ශිෂ්‍යත්ව විභාගය අතිශය තීරණාත්මක විභාගයක් බවත් එම විභාගයේදී ලබාදෙන සෑම ලකුණක්ම ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන සිසුන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට තිබෙන එකම මාර්ගය මෙය පමණක් බවත් සඳහන් කර සිටියා.

එබැවින් මෙම විභාගයේදී යම් අසාධාරණයක් සිදුවුවොත් ඒ තුළින් මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාවටම අහිතකර බලපෑමක් එල්ල වන බවත් ඔහු සඳහන් කළා. අපොස උසස් පෙළ විභාගයේ කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රය කලින් පිටවූ බව හෙළි වීමත් සමඟ එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර නව ප්‍රශ්න පත්‍රයක් ලබාදීමට බලධාරීන් තීරණය කළ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා අවසන් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ ප්‍රශ්න පත්‍රය සඳහා ද අලුතින් ප්‍රශ්න පත්‍රයක් ලබා දී විභාගය යළි පැවැත්විය යුතු බවත් අවධාරණය කළා.

තාත්තත් එක්ක සතුටින් ගිය දුව මෙහෙම දෙයක් වෙයි කියලා නම් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති...

තාත්තත් එක්ක සතුටින් ගිය දුව මෙහෙම දෙයක් වෙයි කියලා නම් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති...

අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්තියක පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ඇතුලත් ප්‍රශ්න හා සමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රයක් ලබා දී ඇති බව අනාවරණය වී ඇති බවත් ඊට අදාළව සිදු කළ විමර්ශනවලදී මෙම ප්‍රශ්න පත්‍රය සැකසීමේ කටයුතුවල යෙදී සිටි කමිටුවේ අයෙකු විසින් අදාළ ප්‍රශ්න පිට කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.

මීට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණ මෙතෙක් අවසන් වී නොමැති බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. මෙම පෙත්සම් ගොනු කිරීමෙන් පසුව අධ්‍යාපන ඇමතිවරිය විසින් විශේෂඥ කමිටුවකින් කරුණු විමසා තිබෙන අතර එම කමිටු සාමාජිකයන් විසින් වෙන වෙනම වාර්තා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති බව කී ජනාධිපති නීතිඥවරයා එහිදී ප්‍රශ්න තුනක් පිටවීම පිළිබඳව හැර ඒ සම්බන්ධ අනෙකුත් කරුණු පිළිබඳව අවධානය යොමු කර නොමැති බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් විරාජ් දයාරත්න සඳහන් කළේ අධිකරණය මගින් කළ දැනුම් දීමකට අනුව අදාළ විද්වත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීමට කටයුතු කළ බවයි. එම නිර්දේශයන්ට අනුව පිටවූ බව කියන ප්‍රශ්න ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා. ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින තෙක් කල් තබා තිබෙනවා.

…………………………………………………………………………………………………

You may like thisvideo 👇



ReeCha