මරණීය දණ්ඩනය නියම වූ ප්‍රේමලාල් ජයසේකරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මිනීමැරීමේ චෝදනාවලට මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය විසින් දී ඇති නියෝගයක් බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ අභියාචනය පිළිබඳ විභාගය සැප්තැම්බර් 4 දක්වා කල් තැබීමට නියෝග කර ඇත.

අදාළ මිනී මැරුමෙන් අගතියට පත් වූවන් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර ඇති අතර මෙම අභියාචනය ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා ප්‍රමුඛ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

ඇමරිකාව ඉරානයට බය වෙලාද? ගහන්නම් කියලා මාසයක් කල් දාලලු

ඇමරිකාව ඉරානයට බය වෙලාද? ගහන්නම් කියලා මාසයක් කල් දාලලු

පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවට කළ දැනුම්දීමෙන් අනතුරුව එහි විභාගය සැප්තැම්බර් 4 දක්වා කල් තැබීමට නියෝග කර ඇත.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම මඟින් පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ප්‍රේමලාල් ජයසේකර මහතාට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

රටේ මේ පැති ප්‍රවේශම් වෙන්න - සවස 1න් පසු කාලගුණය නරකයි

රටේ මේ පැති ප්‍රවේශම් වෙන්න - සවස 1න් පසු කාලගුණය නරකයි

එම මරණීය දණ්ඩනයට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර මහතා ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය ඒ මහතා නිදොස් කොට නිදහස් කිරීමට නියම කර තිබුණි. අභියාචනාදීකරණයේ එම තීරණය නීතියට පටහැනි බැවින් එය බල රහිත කර දඩුවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම සිද්ධියෙන් අගතියට පත් වූවන් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.