මුළු ස.තො.ස ටම කොරෝනා..පෙදෙසක් පුරා පැතිර යයි

covid sathosa srilankanews
By Gagana Nov 26, 2021 08:22 AM GMT
Gagana

Gagana

Report

පොල්පිතිගම ස.තො.ස ආයතනයේ සේවය කරන සියලූම දෙනාට කොවීඞ් වයිරසය ආසාධනය වීම හේතුවෙන් අද සිට දෙසැම්බර් දින 14 කට එය වසා දමා ඇතැයි එහි කාර්යය මණ්ඩලය පවසයි.

පොල්පිතිගම තැපැල් කාර්යාලයේ බොහොමයකට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. පොල්පිතිගම මුලික රෝහලේ කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙකුට කොරෝනා ආසාදනය වීම නිසා එම සේවාව පවා පවත්වාගෙන යන්නත් බැරි තත්ත්වයක් ඇති යි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

ඉබ්බාගමුව ඇඟලූම් හලක සේවක සේවිකාවන් රැසකටත් එය ව්‍යාප්ත වෙලා. ඉකුත් දින දෙක තුන තුල දී රෝගින් 50 ක් පමණ හදුනා ගත්තා .සෞඛ්‍ය නීතිවලට අවනතව කටයුතු නොකලොත් තත්ත්වය භයානක විය හැකි යැයි පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුනිල් රත්නායක මහතා පැවැසීය.