කා අතරත් ජනප්‍රිය චරිතයක් සිය දිවි සැරිය නිම කරයි

By Mithu May 31, 2026 11:14 AM GMT
Report

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් දශක ගණනාවක් පුරා අනුපමේය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ලේඛක, කතුවර මෙන්ම සතර සමූහ සේවාවේ සහ "සතර" ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘ කේ.ඩී. චන්ද්‍රසෝම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ (30) දින ඒ මහතා සිය දිවිගමනෙන් සමුගත් බව පවුලේ ඥාතීන් විසින් නිල වශයෙන් තහවුරු කර ඇති අතර, මියයන විට ඒ මහතා 82 වැනි වියේ පසුවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත්

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ  හිටපු කීර්තිමත් නිලධාරියෙකු වන ඒ මහතා, කලා උපාධිධාරියෙකු මෙන්ම අධ්‍යාපන ඩිප්ලෝමාව සහ ගණිතය විෂය පිළිබඳ විශේෂ පුහුණුව ලැබූ මෙරට බිහිවූ විශිෂ්ටතම අධ්‍යාපනඥයෙකි.

විශේෂයෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ ගණිතය විෂය ක්ෂේත්‍රය තුළ ලංකාව පුරා අතිශය ජනප්‍රිය සහ ගෞරවයට පාත්‍ර වූ ගුරුවරයෙකු සහ කතුවරයෙකු ලෙස චන්ද්‍රසෝම පෙරේරා මහතා නොමැකෙන නාමයක් සනිටුහන් කර ඇත.

ඒ මහතා විසින් ආරම්භ කරන ලද "සතර ප්‍රකාශන" ආයතනය, වර්තමානය වන විටත් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් වෙනුවෙන් අතිරේක පොත්පත්, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ වැඩපොත් මුද්‍රණය කර බෙදාහරින ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනික ප්‍රකාශන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ.

1 ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළසහ උසස් පෙළ දක්වා විවිධ විෂයන්ට අදාළ පොත්පත් රැසක් ඒ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙරට ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ ගණිතය, සිංහල සහ පොදු දැනුම වර්ධනය උදෙසා ඔහු ඉටුකළ මෙහෙවර අතිමහත්ය.

එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරයි

එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරයි

චන්ද්‍රසෝම පෙරේරා මහතාගේ දේහය මේ වන විට නුගේගොඩ, මෙල්ඩර් පෙදෙස, නොම්මර 8/2 හි පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු පිළිබඳව පවුලේ ඥාතීන් දැනුම් දී ඇත්තේ, ඒ මහතාගේ ආදාහන පූජෝත්සවය එළඹෙන ජූනි මස 02 වන අඟහරුවාදා පස්වරු 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බවයි.