එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරයි

Report

භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව නිසි නෛතික හා ආගමික ක්‍රමවේදයක් රට තුළ පවතින බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකා නිසි පරිදි සකස් කර ඒවා මුලින්ම මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කර උන්වහන්සේලාගේ අනුමැතිය සහ අදහස් ලබාගැනීමෙන් පසුව පමණක් අවසන් තීරණ ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය අවධාරණය කර සිටින්නේ, මෙරට සම්බුද්ධ ශාසනයට අදාළ සංවේදී කරුණු සම්බන්ධයෙන් වන සියලුම ක්‍රියාවලීන් ඉදිරියට ගෙන යා යුත්තේ රටේ පවතින සාම්ප්‍රදායික සිරිත් විරිත් සහ ගෞරවනීය සම්ප්‍රදායන්ට අනුකූලව පමණක් බවයි.

ජූනි 2 සිට වෙන්න යනදේ මෙන්න - ඉන්ධන මිල වැඩිවීමත් සමඟ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කට අරී

ජූනි 2 සිට වෙන්න යනදේ මෙන්න - ඉන්ධන මිල වැඩිවීමත් සමඟ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කට අරී

වත්මන් රජයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින්, මෙරට ශාසනයත් බුදුදහමත් අත්තනෝමතික ලෙස විනාශ කිරීමේ ඉතා සංවිධානාත්මක වැඩපිළිවෙළක් වර්තමානය තුළ දියත් වෙමින් පවතින බවට ද එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනය හරහා බරපතළ චෝදනාවක් එල්ල කරයි.

අද විශේෂ රථ වාහන සැලැස්මක් - පොලිස් මාධ්‍ය කොට්ඨාස නිවේදනය මෙන්න

අද විශේෂ රථ වාහන සැලැස්මක් - පොලිස් මාධ්‍ය කොට්ඨාස නිවේදනය මෙන්න

මීට අමතරව එම විනාශකාරී ක්‍රියාවලිය සඳහා සිවිල් සමාජයේ ඇතැම් පාර්ශ්වයන් ද මේ වන විට සම්බන්ධ කරගෙන ඇති බව පෙන්වා දෙන එම පක්ෂය, වත්මන් සමාජ දේශපාලන වටපිටාව තුළ හැමවිටම සිදුවන්නේ සාම්ප්‍රදායික බෞද්ධ පැවිදි සහ ගිහි මතය සිතාමතාම කොන් කිරීමකට ලක් කිරීමක් බව ද සිය නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.  

GalleryGalleryGallery