"ඇස් අහකට ගන්න හිතෙන් නෑ.. හරියට දේවතාවියක් වගේ ලස්සනයි.." - ලෝකෙ ලස්සනම බිරිඳ ලංකාවට ඇවිත් තියෙන හේතුව.. (PHOTOS/VIDEO)
By Sithumi
2022 ලෝක විවාහක රූ රැජින වන ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් මහත්මිය පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණියේ ය.
ඒ ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා යි.
මෙම තරගාවලියේ අවසාන මහා තරගය කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී 13 දින සවස 06.00 ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
ඒ සදහා ශ්‍රී ලාංකික විවාහක කාන්තාවන් 23 දෙනෙකු සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
කෙසේවෙතත්, ලංකාවට පැමිණි සර්ගම් කවුෂාල් මහත්මිය පිළිගැනීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක, තරගාවලි කළමනාකරු නිමේෂ් බස්නායක යන මහත්වරුන් ඇතුළු මෙම වැඩසටහනේ සාමාජිකයන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියේ ය.











