හරි දේ කිරීමට ගොස් වැරදුණත් පොලිස් නිලධාරීන් සමග ඉන්නවා...ප්‍රභලයකුගෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයක්
නිවැරදිව නීතිය ක්‍රියාත්මක කරන ඕනෑම පොලිස් නිලධාරියෙකු වෙනුවෙන් තමා පෙනී සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිසි අයුරින් කරගෙන යෑමට සියලු පාර්ශ්ව ඉඩදිය යුතු බවය.
"මම පොලිස් නිලධාරීන්ට කිව්වේ හරි දේ කරන්න. හරි දේ කරලා වැරදුණත් මම දැනගත්ත වහාම ඒක නිවරැදි කළා. පාස්කු විමර්ශන ගැන එක පැත්තක ඉදන් කාදිනල්තුමා කියනවා, අපි යටපත් කරන්න යනවා කියලා. අනෙක් පැත්තෙන් අත්අඩංගුවට ගත් අයව නිදහස් කරන්න කියලා චෝදනා නැඟෙනවා. අපිට අපේ වැඩේ නිසිලෙස කරන්න ඉඩදෙන්නේ නැතුව ඇයි මේ වගේ තහංචි දාන්නේ. අනෙක් කරුණ විපක්ෂයේ මන්ත්‍රීවරු CIDට ගෙනල්ලා අහන්න ඕනේ තමයි කවුද මහමොළකරු කියලා, ඔබතුමා කිව්වේ කියලා. මොකද ඒකත් පරීක්ෂණවලට අදාළ කරුණක්. මනූෂ නානායක්කාර කිව්වා අර දත්ත මැකුවෙ ටෙලිකොම් එකෙන් කියලා. ඉතින් එයාගෙන් අහනවා කොහොමද ඔයා කිව්වේ කියලා. ඒක අහන එක වැරදිද?."
=================================
ඊයේ රෑ ලිංගික අධ්‍යාපනය ගැන ලයිට් කතා කරන්න ගිහින් වෙච්ච දේ.-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
