ටෙලිකොම් විකුණන්න යන එල්ටීටීඊ සාමාජිකයා ගැන සරත් ෆොන්සේකාගෙන් අනාවරණයක්.(VIDEO)

Sarath Fonseka Sri Lanka Government Of Sri Lanka
By Wayomi Jun 23, 2023 09:50 AM GMT
Wayomi

Wayomi

Report

අතීතයේ එල්ටීටීඊ එකේ මුදල් හුවමාරු කළ පුද්ගලයාට ටෙලිකොම් ආයතනය විකිණීමට සැරසෙන බවට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා.

ඔහු ඒ, සඳහන් කර තිබුණේ, ඊයේ පාර්ලිමේන්තුවේ සභාව අමතමින්,

එහිදී මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

" අපට ආරංචියි එතුමා ටෙලිකොම් විකුණන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා එංගලන්තෙදි හම්බෙලා තියෙනවා. ඒ පුද්ගලයා තමයි අතීතයේ එල්ටීටීඊ එකේ මුදල් හුවමාරු කළ පුද්ගලයා. එතුමාට රූපවාහිනී නාලිකාවකුත් මෙහෙ තියෙනවා. ඒ.එල්.ටී.ටී.ඊ කාරයා තමයි මෙයා මේ ටෙලිකොම් එක විකුණන්න එංගලන්තයට ගිහිල්ලා සාකච්ඡා කියන්නේ.” යනුවෙන් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවා.

මෙතෙක් වෙලා මේ කතා ඔක්කොම අහගෙන ඉන්නකොට අපිට තේරුණේ නිකං හරියට රට කෑවේ අපි වගේ. රට කාලා, කුඩුපට්ටම් කරලා, විනාශ කරලා දැන් රට ගොඩ නැගීම ගැන කතා කරනවා බොහොම ආඩම්බරයෙන්. ගොඩනගන්න ඉඩ දෙන්නලු. මේවා ඉතින් කාටද කියන්න ඕනේ? රටේ ජනතාව මේ යථාර්ථය තේරුම් ගනී කියලා අපි ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. අපි අද ජනාධිපතිතුමාගේ ජාතිය ඇමතීම ගැන විවාද කරනවා. මේ රටේ ජනාධිපතිලා ජාතිය අමතපු තරමට මේ රට දියුණු වුණා නම් අද අපි ජීවත් වෙන්න ඕනේ දිව්‍ය ලෝකයක් වගේ රටක. මේ අවස්ථාවෙත් අපි දැක්කා හැමදාමත් වගේ ජනාධිපතිතුමාගේ ජාතියේ ඇමතීමක්. ජනාධිපතිතුමා සිහින ලෝකේ ජීවත් වෙමින් නොයෙක් දේවල් කියාගෙන කියාගෙන ගියා. එතුමා කිව්වා රට දැන් ස්ථාවර වෙලා කියලා.

2023 පළවෙනි කාර්තුවේ ආර්ථික වර්ධනය ඍණ 11.5ක් තියෙද්දී තමයි රට සංවර්ධනය වෙලා කියලා ස්ථාවර වෙලා කියලා කියන්නේ. රුපියල පොඩ්ඩක් ඉහළ ගියා ම ඒක ගැන වර්ණනා කරනවා. ඩොලර් ණයට අරගෙන ආනයන නවත්තලා ඇමරිකාවේ ඩොලර් වැටිච්ච වෙලාවක රුපියල පොඩ්ඩක් ඉහළ ගියා ම ඒ ගැන වර්ණනා කරනවා. ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අභියෝග හමුවේ දුෂ්කරතා විඳගන්නලු. අභියෝග ගෙනාවේ කවුද කියලා එතුමා කියන්නේ නැහැ. අභියෝග ගෙනල්ලා ඒවා විදගන්න කියලා කියන්නේ රටේ ජනතාවට. රට පාලනය කළ අය හොරා කාලා, ඒවා කරලා, ඒවාට වන්දි ගෙවන්න කියලා තමයි මෙතුමා මේ ජනතාවට කියන්නේ. එතුමා එහෙම කියන්නේ හොරකම් කරපු එවුන් එක්කම එකතු වෙලා ඉඳගෙන උන්ව ආරක්ෂා කරමින් රටේ ජනතාවට දුක් විඳින්න කියලා තමයි කියන්නේ. වෙන විකල්පයක් නෑ කියලා කියනවා එතුමා.

ජනාධිපති කියනවා ආර්ථිකය හා සමාජයේ සම්පූර්ණ පරිවර්තනයක් කරන්න ඕනෙලු. එතුමා ආර්ථිකය පරිවර්තනය කරන්න හදන්නේ බදු ගහලා මිනිස්සුන්ගේ සේවා ගාස්තු වැඩි කරලා. මිනිස්සුන්ට විදුලිය නැතුව දුක් විඳලා, කන්න බොන්න නැතුව ඉන්නකොට තමයි ඒ ආර්ථික සංවර්ධනය කරන්න හදන්නේ. එතුමා සමාජ පරිවර්තනයක් කරන්න හදන්නේ නොයෙක් නොයෙක් නීති පනත් ගෙනල්ලා ඒවා ගෙනාවට වැඩක් නෑ ජනාධිපතිතුමෝ. අපි දැක්කා රත්තරන් හොරා ආරක්ෂා කරලා මේ සභාවට අරගෙන ආපු හැටි. ඒක හන්දා ඒවයින් සමාජ පරිවර්තන කරන්න බෑ. එතුමා කරලා තියෙන එකම පරිවර්තනය තමයි මිනිස්සුන්ට කන්න බොන්න නැතුව හොම්බෙන් ගිහිල්ලා අනාථ වෙලා රටේ ජනතාව දුගියෝ බවට පත් කරපු එක. ජනාධිපති කියනවා දුෂ්කර මාර්ගයේ ගොස් අනාගත පරම්පරාවට ජීවත්විය හැකි රටක් හදන්නලු. ඊට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා වර්තමාන පරම්පරාව බලාගන්න. වර්තමාන පරාවට නම් කන්න බොන්න දෙන්න.

එතුමාට මේ දුෂ්කර මාර්ගය තේරුම් ගිහිල්ලා තියෙන්නේ දේශපාලනයට ඇවිල්ලා අවුරුදු හතළිහකට පස්සේ. මේවා කලින් තේරුම් ගත්තා නම්, මේ මාර්ග වලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට එතුමා කියනවා සම්ප්‍රදායික දේශපාලනයෙන් ගැලවෙන්න එතුමා වක් රව කියනවා ඒකෙන් ගැලවෙන්න නම්, දේශීය සම්පත් විකුණන එකට විරුද්ධ වෙන්න එපාලු. මේක යකාගේ කතාවක්. දේශීය සම්පත් විකුණන එක විකුණුවොත් තමයි ඒ කියන්නේ සම්ප්‍රදායික දේශපාලනයෙන් ගැලවෙන්න පුළුවන්. එතකොට මේ ලෝකයේ දියුණු රටවල් සම්ප්‍රදායික දේශපාලනයෙන් ගැලවිලා තියෙන්නේ සියලූ සේසත විකුණලා වෙන්න ඇති. එතකොට එතුමා කියනවා ලාභ ලබන ආයතන විකුණන්න යන්නේ අපි හිතන්නේ මේ සම්ප්‍රදායික දේශපාලනයෙන් ගැලවෙන්න. අපට ආරංචියි එතුමා ටෙලිකොම් විකුණන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා එංගලන්තෙදි හම්බෙලා තියෙනවා. ඒ පුද්ගලයා තමයි අතීතයේ එල්ටීටීඊ එකේ මුදල් හුවමාරු කළ පුද්ගලයා.

එතුමාට රූපවාහිනී නාලිකාවකුත් මෙහෙ තියෙනවා. ඒ.එල්.ටී.ටී.ඊ කාරයා තමයි මෙයා මේ ටෙලිකොම් එක විකුණන්න එංගලන්තයට ගිහිල්ලා සාකච්ඡා කියන්නේ. එහෙම කිය කිය විස්සයි හතළිස් අටේ කැරට් එකක් ගැන කතා කරනවා. ඒක ලොකු කැරට් එකක් ටොන් ගාණක් බර කැරට් එකක්. විස්සයි හතළිස් අටේ. මේක වවන්න එතුමාට තව ඉඩමක්වත් හම්බවෙලත් නැහැ. මේ කැරට් දීලා දීලා රටේ ජනතාව රවට්ටලා තාමත් මේ තක්කඩි දේශපාලඥයෝ හදන්නේ ජනතාව ගොනාට අන්දවන්න පමණමයි. ශක්තිමත් වර්ධනයක් සහිත ව්‍යාපාර ගොඩනගනවාලු. තියෙන ව්‍යාපාර කඩන් වැටෙනවා. ඇඟලුම් කර්මාන්තශාලා වහනවා. තමුන්නාන්සේලාට ව්‍යාපාර තියෙනවා නම් ඒවත් හොම්බෙන් ගිහිල්ලා තියෙන්නේ. එතුමා සිහින ලෝකයේ ඉඳගෙන ශක්තිමත් ව්‍යාපාර ගොඩනැගීමක් ගැන කතා කරනවා.

ඊළඟට එතුමා වැල් යන කතාව ආපහු කියනවා. අපි දන්නවා හැමෝමත් දන්නවා වැල් පාලමෙන් ගෙනියන්න හදනවා රාජපක්ෂ බබෙක්. එතුමාගේ මේ බබා ගෙනියන්න මේ වැල්පාලම ඒවා කරන්න කතා කරාට විදේශ විනිමය ඉපයීමක් ගැන මොනවත් සැලසුම් කරලා නෑ. අපනයනය වර්ධනය කිරීමක් ගැන එතුමා පොඩ්ඩක්වත් කල්පනා කරලා නෑ. අඩුගානේ සංචාරක ක්ෂේත්‍රය, අපි දන්නවා සංචාරක ඇමති කෙනෙක් ඉන්නවා හැමදාම රටෙන් පිට ඉන්නේ. ඉන්දියාවේ සුමාන දෙකක් ගත කරලා ආවා මිලියන එකසිය හතළිහක්ද කොහෙද වියදම් කරලා. එයා අරෙහෙ මෙහෙ ගිහිල්ලා බැනර් අල්ලන් හිටියට සංචාරකයෝ එන්නේ නැහැ. ඒ වගේ යටිතල පහසුකම් වර්ධනය කරන්න කිසිම දෙයක් කරලා නැහැ.

කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, මේ කුකුල් මස් ගොවිපලවල් ඒවා සංවර්ධනය කරලා අඩුගානේ ජනතාවට කන්න, බොන්න පුළුවන් රටක් ගොඩනගන්නවත් සැලැස්මක් නැතුව තමයි රටේ සංවර්ධනය ගැන එතුමා කතා කරන්නේ. ණය ගන්නවා ඇරෙන්න අපි දැක්කේ නැහැ. මෙතුමා කිසිම ආර්ථික සැලැස්මක් ඇතුව ක්‍රියා කරනවා. ඒක තමයි මේ පළවෙනි කාර්තුවේ මේ අවුරුද්දේ ආර්ථික වර්ධනය ඍණ 11.5යි. එතකොට ඒවා කරනවා ඇරෙන්න සැලැස්මක් නැතුව එතුමා අඳුරේ අතපත ගානවා. සියල්ල සියලුම දේවල් අසාර්ථක වෙද්දී විවිධ පනත් ගෙනල්ලා ජනතාව මර්ධනය කරන්න හදනවා.මාධ්‍යමර්දනයට පනතක් ගේනවා. එතුමා කියනවා මේ පනත් ගේන්නේ අර එතුමාගේ ගේ ගිනි තියපු මාධ්‍ය ආයතන ඒවා වහන්නලු.

ඒවට අනතුරු ඇඟවීමක් කරනවා. මේ එතුමා අනතුරු අඟවන්නේ සිරසට. සිරස කියන්නේ මේ රටේ හැමදාම මොන ආණ්ඩුවක් තිබුණත් කෙලින් වැඩ කරපු මාධ්‍ය ආයතනයක්. එතුමා සිරසෙන් පළිගන්න හදනවා අර කැමරාවක් අල්ලගෙන හිටපු හින්දා ගේ ගිනි තියනකොට සිරසෙන් පළිගන්න හදනවා. දූෂණ විරෝධී පනතක් ගේනවා. දූෂණ විරෝධී පනතක් ගෙනාවට වැඩක් නෑ. මේ රටේ යුක්තිය පසඳලීමේ ක්‍රියාදාමය අන්ත දූෂිතයි. ඒක දේශපාලනීකරණය වෙලා. ඒක මේ පනත් ගෙනාවට එතුමා සත පහක වැඩක් නෑ. ඊළඟට බැංකු මර්දනයට පනතක් ගේන්න හදනවා. ප්‍රති ත්‍රස්ත පනතක් ගෙනල්ලා ඉවර වෙලා ජනතාවගේ මානසික මානුෂීය අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් ඒවා මර්ධනය කරන්න හදනවා. මෙතුමා හිට්ලර් කෙනෙක් හැටියට ජීවත් වෙන්න හදනවා."