සරත් ෆොන්සේකාගේ "හමුදාපතිගේ පොරොන්දුව" කෘතිය එළිදක්වයි
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත 'යුද හමුදාපතිගේ ජාතියට පොරොන්දුව - මම මේ යුද්ධය ඊළඟ හමුදාපතිවරයාට ඉතිරි නොකරමි' නම් ග්‍රන්ථය ඉකුත් 09 වැනිදා කොළඹ, ශ්‍රී ලංකා ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්යවණාගාරයේදී එළිදැක්විණි.
උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සහභාගී වූ අතර, ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (ආරක්ෂක ලේකම්) මහතාද එක්ව සිටියේය.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ නියෝජිතයන්, විශේෂ ආරාධිතයන් මෙන්ම ෆොන්සේකා මහතාගේ පවුලේ සමීපතමයන්ද සහභාගී වූහ.
ග්‍රන්ථය මගින් ප්‍රධාන වශයෙන් ආවර්ජනය වන්නේ ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේ අවසාන අදියරේදී එතුමා හමුදාපති ධුරය දැරූ කාලය තුළ සිදුවූ සිදුවීම්, තීඩනයන් සහ තීරණ ගැනීම්ය.

