රට පුරා විශේෂ සමීක්ෂණයකින් හෙළිකර ගත් දේ මෙන්න..

Sri Lanka
By Aruna Feb 21, 2023 02:52 AM GMT
Aruna

Aruna

Report

රට පුරා සිදුකරන සමීක්ෂණ මඟින් සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමේ සුදුසුකම් සහිත පුද්ගලයින් සංඛ්‍යාව කපා හැරීමට රජය ක්‍රියා කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් ආර්.එම් රංජිත් බණ්ඩාර මහතා සඳහන් කළේ, සුදුසුකම්ලාභීන් තෝරා ගැනීම සඳහා බව පවසමින් තම නිලධාරීන් යොදවා රජය සමීක්ෂණයක් සිදුකරන බවය.

"සුබ සාධන ලැබීමේ සුදුස්සන් තේරීම - 2022" ලෙස නම් කර ඇති එම සමීක්ෂණය ට විරෝධය පා මේ වනවිට වැඩවර්ජනයක් දියත් කර ඇතැයි ද රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම සමීක්ෂණය සිදුකරන ලෙසට තම සංගමයට දිගින් දිගටම බලපෑම් සිදුකරන බවය.

"සමාජ සුභසාධන මණ්ඩලයේ සභාපතිවරයා, අපිත් එක්ක කරපු සාකච්ඡාවේ දී හරි පැහැදිලිව ඉදිරිපත් කළා ඒගොල්ලෝ ලෑස්ති වෙන්නේ සුබ සාධන විශාල ප්‍රමාණයක් කපා හරින්න කියලා.

අපේ ජනතාවට දැනට ලබාදෙමින් තිබෙන විශේෂයෙන්ම සමෘද්ධි සහනාධාරය, වැඩිහිටි දීමනාව, පිළිකා දීමනාව වැනි සමාජ ප්‍රතිලාභ එහෙම නැත්නම් සමාජ සුබ සාධන දීමනා ඒ සියල්ල ලෝක බැංකු උපදෙස් පිට කපාහැරීමට තමා මේ සුදානම් වෙන්නේ.

නමුත් මේක අර්ථ කථනය කරන්නේ සමාජ ප්‍රතිලාභ ලබාදෙන විදියට.

අනිවාර්යයෙන්ම මේ සමීක්ෂණය කරලා ඉවර වුණාට පස්සේ විශාල ප්‍රතිලාභ කප්පාදුවක් මේ රට තුළ සිදුවෙනවා.

එය 70% - 80%ක් විය හැකිය."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now