හැමෝම අපි ගැන දැනගන්නකොට අපි ගොඩාක් දුර ගිහින් ඉවරයි (PHOTOS)

By Sithumi Feb 20, 2023 05:00 PM GMT
Sithumi

Sithumi

Report

මේ වන විට මුළු ලංකාවෙම ආදරය දිනාගෙන සිටින ආදරනීය යුවළක් තමයි දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ.මුලදී හැමෝම හිතාගෙන හිටියේ ඔවුන් දෙපළ හොඳම යහළුවෝ කියලයි.ඊටත් පස්සෙ තමයි දැනගත්තෙ ඔවුන් දෙපළ ආදරවන්තයින් කියලා.මේ නිසාම මෙදාපාර ආදරවන්තයින්ගේ දිනයට ඔවුන් දෙපළ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ වගේම රූපවාහිනී වැඩසටහන් හරහා ද නිරන්තරයෙන් දැක ගැනීමට හැකි වුණා.

බොහෝ දෙනෙක් අදහස් දක්වන අන්දමට ඔවුන් එකිනෙකා විට පුදුමාකාර ආදරයක් දක්වනවා. පසුගිය දවසක ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් පැවති රූපවාහිනී වැඩසටහනක් සඳහා ඔවුන් දෙපළ එක්වී සිටි අතර මෙහිදී මේ විදියට අදහස් දක්වා සිටියා. “මුලින්ම මේ ගමන අපි පටන් ගත්තෙ යහළුවෝ විදිහට.අපි දෙන්නගෙ තියෙන අඩුපාඩු මොනවද කියලා අපි හොඳටම හොදටම දැනගෙන හිටියා.ඒක නිසාම තමයි අපි දෙන්නගෙ බැඳීම ගොඩක් ශක්තිමත් උනේ.

ඒ වගේම මගේ තිබුණු අඩුපාඩු ගොඩක් හදාගන්න සංගීත් උදව් කළා. අපි දෙන්නගෙ ඒ බැඳීම ගැන ලංකාවම දැන ගන්නකොට අපි ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි.” ඒ වගේම සංගීත් මේ විදිහට අදහස් දක්වා සිටියා. “මට දිනිති කතා කළේ සංගා කියලා. ක්ෂේත්‍රයේ දී එයා විතරයි මට එහෙම කතා කළේ.ඇත්තටම මගෙ ගොඩක් දේවල් හදන්න තිබුණා.දිනිතිගේ මට්ටමෙන් බලනකොට මම එයාගේ මට්ටමට නෙවෙයි හිටියේ.

ඕක මෙහෙම නෙවෙයි කරන්නේ කියලා එයා තමයි මට කියලා දීලා මාව හදා ගත්තෙ.සාමාන්‍යයෙන් මම දේවල් ගැන වැඩිය හිතන කෙනෙක් නෙවෙයි. ඔය විදිහට අපි දෙන්නම තියෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට යනකොට සමාජයෙන් එන අපහාස කරපු ඉදිරියේදී අපි දෙන්නා ඒවට මුහුණ දෙන්න තරම් ශක්තිමත් වෙලා හිටිය.” ඉතින් මේ විදිහට තමයි ඔවුන් තමන්ගේ අදහස් විවෘතව දක්වා සිටියේ.ඔවුන් දෙපලට අපි මුළු හදවතින්ම සුබ පැතුම් එකතු කොට සිටිනවා.  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery