අලුතින් ඉදිවූ සඳහිරු සෑය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

Army Sri Lanka Religion Anuradhapura Sandahiru seya
By Aruna Nov 21, 2021 04:06 AM GMT
Aruna

Aruna

Report

සඳහිරු සෑය ඉදිකිරීම සදහා අවශ්‍ය භූමිය තමන්ට කියා අනුමත කර ගත්තේ බලහත්කාරයෙන් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසනවා.

YOU TUBE සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සෙනරත් දිසානායක කියා සිටියේ, තමන් මෙම ස්ථානයේ ස්ථූපයක් නිර්මාණය නොකරන ලෙසට වත්මන් රජයෙන් ඉල්ලා සිටි බවයි.

එමෙන්ම ස්ථූපයක් ඉදිකිරීමට අත්‍යවශ්‍යම නම්, තමන් පැවසුවේ, මීට වඩා කුඩා ස්ථූපයක් ඉදිකිරීමට පියවර ගන්නා ලෙස බවයි හෙතෙම වැඩිදුරත් ප්‍රකාශ කරන්නේ.

ඒ සඳහා වියදම් කළ මුදල ජාතික අපරාධයක් බව කී ඒ මහතා එම මුදල් රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් වියදම් කළේ නම් වඩාත් යෝග්‍ය බව ද සඳහන් කළා.

මෙම කරුණු හේතුවෙන් තමන්ට රාජ්‍ය සේවය ගැන කළකිරුණු අතර, ඒ සඳහා දේශපාලනික බලපෑම් ද ඉවහල් වූ බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක විසින් මෙම සංවාදයේ දී සඳහන් කරනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now