සනත් නිශාන්තට කරදරයක්..

Report

ඊයේ (19) පුත්තලම - දළුව - නිර්මලපුර - නාවක්කාඩු මාර්ගය සංවර්ධනය කිරීමේ මූලික රැස්වීමට එක්වීමට එම ප්‍රදේශයට ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එම ස්ථානයට නොගොස් ආපසු හැරී යාමට සිදු විය.

ඒ, ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි.ලෝක බැංකු ආධාර මත පුත්තලම - දළුව ප්‍රදේශයේ පිහිටි නිර්මලපුර - නාවක්කාඩු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබිණි.

ඊයේ දළුව ප්‍රදේශයේ දී මාර්ගය කාපට් යොදා සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ මූලික අදියරේ සාකච්ඡාවක් පැවති අතර, ඊට රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් ද පැමිණීමට නියමිත ව තිබිණි.

කෙසේ වෙතත් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා දේශපාලඥයන්ගේ මැදිහත් වීමට ගම්වාසීන් විරෝධය පළ කර තිබේ. ඒ, ගංවතුරින් තම ගම්මානයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වූ අවස්ථාවේ දී කිසිදු දේශපාලඥයෙකු තමන් පිළිබඳ සෙයා නොබැලූ බවට චෝදනා කරමිනි.

ගම්වාසීන්ගේ විරෝධය පිළිබඳ සැලවූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා එම ස්ථානයට නොපැමිණ මඟ නැවතී ඇත. ගම්වාසීන් දිගින් දිගටම විරෝධය පළ කිරීමත් සමඟ අමාත්‍යවරයා නැවත හැරී ගොස් තිබුණේ ඒ අනුවය.

Sponsored By Sarrita Jewellery

සනත් නිශාන්තට කරදරයක්.. | Sanath Nishantha Trouble Puttalam