සමිතාගේ ආදර කතාව අලුත් කරමින් දරුවන් ගැන, සමිතා කියූ දේ මෙන්න..මේදේ කරන්න එපා කියයි.(PHOTOS)

Sri Lanka
By Aruna Apr 28, 2022 08:08 AM GMT
Aruna

Aruna

Report

සමිතා මුදුන්කොටුව ගැන කතාකරද්දී අපිට ඒකාලේ මතක් වුනේ අතුල වුනාට දැන්නම් ඒවා අතීතයට එකතු වුන කතාවක් වුණා.

දැන් අපි හැම කෙනෙක්ම කතාකරන්නේ සමිතා සහ චිරන්තගේ ලස්සනම ලස්සන ආදර කතාව ගැන.

චිරන්ත සහ සමිතාගේ මේ ආදර කතාව දැනගත් දවසේ සිට බොහෝදෙනෙක් ගොඩක් අවදානෙන් ඉන්නවා.

මේකට ප්‍රධානම හේතුව වුනේ සමිතාට වඩා වසර විස්සකටත් වඩා චිරන්ත බාල වුන නිසා.

මේදේවල් සමාජයට වැඩක් නැති වුනත් අද වෙනකොට රටේම ලොකු කතාබහක් ඇතිවෙලා තියනවා.

සමිතාගේ ගීත අහන ඒවාට ආදරේ කරන ප්‍රේක්ෂකයින් පිරිසක් සහ සමිතාගේ පවුලේ අයට මඩ ගහන කට්ටියකුත් ඉන්නවා කියලා ඇය කියනවා.

පසුගිය දවසක ෆේස්බුක් එකේ කමෙන්ට් එකකින් සමිතා කිව්වේ අපේ පවුලට ඉරිසියා කරන වෛර කරන මිනිස්සුන්ට කිසිම ආත්මෙක සැනසීමක් ලැබෙන්න එපා කියලා.

ඒ වගේම ඇයගේ පවුලේ අයට ආදරේ කරන අයට හැමදාම සැනසීමෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලත් කිව්වා.

මේදේවල් ගැන කතාකරද්දී සමිතා මාධ්‍යට කියන්නේ මෙහෙම කතාවක්.

අපි සතුටින් ලස්සනට ජිවත් වෙනවා බලාගෙන ඉන්න බැරි මිනිස්සු ටිකක් ඉන්නවා.

ඒගොල්ලන්ට වෙන වැඩක් නැහැ අනුන්ගේ කුණු හොයනවා ඇරෙන්න.

ඇත්තටම එහෙම මිනිස්සු ගැන කනගාටුයි කාටවත්ම වරදක් නැතුව ජිවත් වෙන අපේ පවුලට කතා හදන්නේ ඇයි.

අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න, මට විතරක් නෙවෙයි මගේ ළමයින්වත් අල්ලලා කතා හදලා තිබුණා.

විශේෂයෙන් මගේ පුතා ෂේන් එයා කාටවත් වචනෙකින්වත් කතාවක් හදන කෙනෙක් නෙවෙයි.

අදටත් මගේ පුතා ගැන මට ගොඩක් ආඩම්බරයි.

මගේ පෞද්ගලික ජිවිතේ සිද්දවෙන දේවල් ඔයාලට කොහොමත් අදාළ වෙන්නේ නැහැනේ.

මේ කරන දේවල් වලින් පාඩුව සිද්දවෙන්නේ ඔයාලටමයි.

අපි නම් අපේ වැඩ හොඳින් කරගෙන සතුටින් ඉන්නවා.

අනිත් එක අපිටනම් කාගේවත් පෞද්ගලික දේවල් වලින් වැඩක් නැහැ.

එහෙම පාඩුවේ අවංකව ඉන්න නිසා වෙන්න ඇති අපිට සතුටින් ඉන්න ලැබිලා තියෙන්නේ.

මට හොඳ දරුවෝ දෙන්නෙක් සහ ආදරයක් ලැබිලා තියනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha