පාන්දර 2ට වීඩියෝවක් නිකුත්කරමින් සමිතා කියපු සුබ ආරංචිය මෙන්න සමිතා මුදුන්කොටුව (VIDEO)

Samitha and chirantha samitha and athula kavi adikari samitha muduntotuwa
By Sithumi Jan 13, 2022 05:54 PM GMT
Sithumi

Sithumi

Report
400 Shares

 කියන්නේ මුළු රටම ආදරය කරන ආදරණීය ගායන ශිල්පිනියක්.

ඇයව මේ දින වල දී අපට derana dream star රියැලිටි වේදිකාවේ විනිසුරුවරියක ලෙසින් දැක බලාගන්නට පුළුවන්. තරුණ වියෙහි පසු වන දරුවන් දෙදෙනකුගේ මවක් වුවත් ඇයගේ රූප සුන්දරත්වයේ නම් කිසිදු අඩුවක් නැහැ. ඒ තරමටම ඇය ඇගේ සුන්දර පෙනුම පවත්වාගෙන යනවා. පසුගිය දිනක දී ඇගේ ආදරණීය ලාබාල පෙම්වතා වන චිරන්ත සහ ඔහුගේ මව පියා ඇතුළු පවුලේ සියලු දෙනා සමඟ විනෝද චාරිකාවක් ගිහින් තිබුණා.

සමාජයෙන් මොනතරම් නින්දා අපහාස සහ චෝදනාවන් ඇය ලැබූව ද ඔවුන් ඉතාමත්ම සතුටින් සිය ජීවිතය විඳින බව එම චාරිකාව ඔස්සේ අපට දැකබලා ගන්නට පුළුවන් වුණා. කෙසේ නමුත් සමිතා මුදුන්කොටුව පිළිබඳව කතා කරන විට කතා නොකරම බැරි චරිතයක් තිබෙනවා. ඒ ඇයගේ පළමු පළමු සැමියා වන අතුල අදිකාරි යි.

ජනවාරි පලවෙනි දා සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරි එක්ව හරි අපූරු වැඩක් කරලා තිබුණා. ඒ තමයි ආත්මා ලියනගේ ගායනා කරන ලද පෙනෙන නොපෙනෙන ගීතයට නවමු රසයක් ලබා දෙමින් අලුත්ම ආරයකින් ඔවුන් දෙදෙනාගේ කටහඬින් මේ ගීතය නැවතත් රසිකයාට සමීප කරවීම. ඉතින් එම ගීතයට ඉතා විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ඔවුන්ට ලබා ගැනීමට පුළුවන් වුණා.

ඉතින් ඒ වගේම තමයි අතුල අදිකාරි සහ සමිතා මුදුන්කොටුව එදා මෙන්ම අදත් කිසිදු තරහක් නොමැතිව ඔවුන්ගේ ජීවිත හොඳින් තේරුම් ගනිමින් සමාජයේ ජීවත්වන හරි අපූරු යුවළක්. ඒ නිසාම තමයි මේ තරම් රසිකයන් පිරිසක් ඔවුන්ට තවමත් ආදරය කරන්නේ. ඉතින් පසුගිය දිනකදී සමිතා මුදුන්කොටුව පාන්දර දෙකට වීඩියෝවක් නිකුත් කරමින් හැමෝටම ඇහෙන්න සුබ ආරන්චියක් පවසා සිටියා.

ඒ තමයි , අද දවස කියන්නෙ මම ගොඩක් සතුටු වෙන දවසක්. දැන් වෙලාව පාන්දර දෙකයි. මට මේ වන විට ලක්ෂයක් subscribers ලා ළඟා වෙමින් පවතිනවා. ඇත්තටම මම මේ දේ කියන්නම ඕනේ. මම කලින් ඉඳන් youtube channel එකක් පටන් ගෙන තිබුණත් ඒකට video upload කරන්න ගත්තෙ මගේ අම්මගේ birthday එකෙන් පස්සෙ.

ඇත්තටම මට videos upload කරන්න එච්චර උවමනාවක් තිබුණෙ නැහැ. නමුත් චිරන්ත තමයි මට ආදරය කරන ගොඩක් අය ඉන්නවා කියලා මාව motivate කරලා මට බල කරලා මේ චැනල් එක මේ තත්වෙට ගේන්න මට ලොකු සහයෝගයක් ලබා දුන්නෙ. අද වෙනකම්ම මගේ පස්සෙන් ඉඳලා වීඩියෝස් කරන්න මාව උනන්දු කරවලා ඔයාලත් එක්ක මට සම්බන්ධ වෙන්න ලොකු සහයෝගයක් ලබා දුන්නේ චිරන්ත.

ඉතින් ඒකට මම එයාට මේ අවස්ථාවේ ස්තුති කරනවා. අනිත් එක්කෙනා තමයි මට subscribers ලා ලක්ෂයක් එනකං දවස ගානේ බලන් හිටියා මගේ ෂේන්. අනිත් එක්කෙනා මගේ දුව.

දැන් පාන්දර දෙකත් පහුවෙලා නිසා එයා දොයි ඇති හොඳටම. මගේ මේ චැනල් එකට subscribers ලා ලක්ෂයක් ගේන්න උදව් කරපු සියලුම දෙනාට මම මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න.

යනුවෙන් තමයි ඇය ඇගේ youtube channel එකේ subscribers ලක්ෂයක් සපිරීමේ සුභ ආරංචිය හැමෝටම ඇහෙන්න වීඩියෝවක් මගින් පවසා සිටියේ. ඉතින් ඇයගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

අදාල වීඩියෝව පහතින් නරඹන්න...,



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now