ලංකාවම නොඉවසිල්ලෙන් බලන් හිටිය දෙය.. ඊයේ හවස.. සජබෙන් එකවරම විශේෂ කෙනෙක්ට ලිපියක් යවලා.. (PHOTOS)

Cardinal Malcolm Ranjith Samagi Jana Balawegaya Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By krishani Sep 17, 2024 12:58 AM GMT
krishani

krishani

Report

'පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින්ට සත්‍ය ලෙස ම යුක්තිය ඉටු වේවි ද?’ යන මැයෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විසින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත යොමු කරන ලද ලිපියක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පුවත සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විශේෂ ලිපියක් නිකුත් කර තිබෙනවා.

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..


මෙම ලිපිය ඊයේ (16) පස්වරුවේ සමගි ජන බලවේගය විසින් අගරදගුරුතුමන් වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

එම ලිපියෙහි සඳහන් වන්නේ මෙවැන්නකී,

උපුටා ගැනීම..

"උක්ත මැයෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අස කුලරත්න මහතා ඔබ වහන්සේ වෙත යොමු කළ ලිපියක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතියි.

එම ලිපියෙහි අඩංගු කරුණු ඔබ වහන්සේ සිදු කළ ප්‍රකාශයක් ලෙස ජාතික ජනබලවේගයට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා විසින් ඔබ වහන්සේගේ ඡායාරූපයක්ද සහිතව විකෘති කරන ලද ප්‍රවෘත්තියක්ද පලවෙයි.

වට්සැප් එකට එක දිගට කොල් අරන්.. ලෝකේෂන් එකත් එවන්න ද අහලා.. 99%ක ජිවිත තර්ජනයක්.. ජනාධිපති අපේක්ෂකයින් 02ක් ට.. (VIDEO)

වට්සැප් එකට එක දිගට කොල් අරන්.. ලෝකේෂන් එකත් එවන්න ද අහලා.. 99%ක ජිවිත තර්ජනයක්.. ජනාධිපති අපේක්ෂකයින් 02ක් ට.. (VIDEO)


ඒ පිළිබඳව ඔබ වහන්සේගේ මාධ්‍ය අංශය විසින් නිවැරදි කිරීමක් සිදු කරමින් එය ඔබ වහන්සේ විසින් කළ ප්‍රකාශයක් නොවන බව කළ පැහැදිලි කිරීම පිළිබඳව අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමමු.

ජනාධිපති නීතිඥවරයා විසින් ඔබ වහන්සේ වෙත යොමු කළ ලිපියෙන් උත්සහ දරා ඇත්තේ දේශ බන්දු තෙන්නකෝන් පොලිස්පතිධූරයට පත්වීමේ නඩු කරයට ඉදිරිපත් වූ මැදිහත් පෙත්සම්කරුවෙකු වූ පූජ්‍ය මහාචය අගලකඩ සිරුසුමන නායක ස්වාමීන් වහන්සේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පිළිබඳව කළ ප්‍රකාශයක් ස්මතු කරමින් සමඟි ජන බලවේගය පාස්කු ප්‍රහාරය පිළිබඳව දරන ස්ථාවරය වෙනස් වීමට ඉඩ ඇති බවට වු සැකයක් නිර්මාණය කිරීමයි.

ඔබ වහන්සේට පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව අපගේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ලිඛිතව සහ වාචිකව ලබාදී ඇති ප්‍රතිඥාවන් කිසි ලෙසක වෙනස් නොවන බව යළි යළිත් අවධාරණය කරනු කැමැත්තෙමි.

ජනපති රනිල්, ජනපති සටනින් ඉවත් වෙයි ද?. විශේෂ ප්‍රකාශයක් මෙන්න.. (VIDEO)

ජනපති රනිල්, ජනපති සටනින් ඉවත් වෙයි ද?. විශේෂ ප්‍රකාශයක් මෙන්න.. (VIDEO)


ඔබ වහන්සේ වෙත යොමු කොට ඇති ලිපියෙන් රියෙන්සි අසකුලරත්න මහතා ඉස්මතු කිරීමට දරන දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ වූ ප්‍රශ්නය පිළිබඳව සමඟි ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලි කරන සහ එම ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවන් ඔබ වහන්සේට සිහිපත් කළ යුතු යැයි මම විශ්වාස නොකරමි.."

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ නිවේදනය පහතින් දැක් වේ,


GalleryGalleryGalleryGallery