සජිත්ගේ පිලට තවත් බල අතු ටිකක් රොක් වෙයි..ඒ කවුද කියලා ඇහුවොත් පුදුම හිතෙයි..

Sajith Premadasa Samagi Jana Balawegaya Election Sri Lanka Presidential Election 2024
By krishani Aug 31, 2024 04:34 PM GMT
krishani

krishani

Report

අද (31) සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා යාපනයේ සංචාරයක නිරත විය.

ඒ අනුව ඔහු සර්වාගමික නායකයින් හමු වී ආශිර්වාද ලබා ගත්තේ ය.

ඒ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සහ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සාර්ථකව ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ය.

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..


එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ යාපනය නාගදීප විහාරය වෙත පැමිණියේ ය.

එහිදී පැමිණ සිටි ජනතාව විපක්ෂනායකවරයා පිලිගනු ලැබු අතර  නාගදීප විහාරයට පැමිණි විපක්ෂ නායකවරයා ආගමික වතාවත්වල නිරත විය.

එහිදී විහාරාධිපති හිමියන්ගේ ආශිර්වාදය ද පිරිනැමුණේ ය.

අනතුරුව විපක්ෂ නායකවරයා යාපනය රදගුරු නිල නිවසේදී යාපනය රදගුරු අති උතුම් ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන් හමුවීමට පැමිණියේ ය.

එහිදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශයද යාපනය රදගුරුතුමන් වෙත පිලිගැන්වූ විපක්ෂ නායකවරයා යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් රඳගුරු හිමිපානන් සමග සාකච්ඡා කළේ ය.

දීමනාවක් 5000ක් දක්වා ඉහළට.. රණවිරුවන් ගැනත් විශේෂ තීරණයක් මෙන්න..

දීමනාවක් 5000ක් දක්වා ඉහළට.. රණවිරුවන් ගැනත් විශේෂ තීරණයක් මෙන්න..


මේ අතර,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ පළාත් පාලන නියෝජතයින් හා ක්‍රියාකාරීන් රැසක් සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ (30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සමුළුවක දී ය.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ ආසන සංවිධායකවරුන්, හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීම සඳහා එක්ව සිටියේ ය.

ReeCha