රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..
ජීවන වියදමට සරිලන වැටුපක් ලබා දීමට පූර්ණ බලතල සහිත කොමිසමක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.
එමෙන්ම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප 24%කින් වැඩි කරන බවත් රාජ්‍ය සේවයන්ගේ බදු අඩු කිරීමට කටයුතු කිරීම සිදු කරන බවත් විපක්ෂනායකවරයා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (24) මහනුවර දිගන නගරයේ ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 12 විජයග්‍රාහී ජන රැළිය අමතමින් ය.
එමෙන්ම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිනුම්වලට වෙනදා ලබා දුන් 15% ඉතිරි කිරීමේ පොලි අනුපාතය නැවත ලබා දෙන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.