සමගි ජන බලවේගයේ ප්‍රභලයින් දෙන්නෙකු ආණ්ඩුවට එක් වෙයි?..

Samagi Jana balawegaya Hesha vithanage Chaminda wijesiri Rangith madduma Bandara
By Aruna Oct 26, 2021 04:28 AM GMT
Aruna

Aruna

Report

සමගි ජන බලවේගය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන දෙදෙනා ආණ්ඩුවට සහය දැක්වීමට එක් වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට ඔවුන් දෙදෙනා පක්ෂයේ දරන වගකීම්වලින් අක්‍රීය වීමට කටයුතු කර ඇතැයි ද එම පක්ෂ ආරංචි මාර්ග කියා සිටී.

මේ සම්බන්ධයෙන් ඔවුන් පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද දැනුවත් කර ඇති බවත් වාර්තා වේ.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩුවට එක්වන්නේ යැයි දැනට කලකට පෙර සිටම වාර්තා පල වෙමින් තිබිණි.

රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ප‍්‍රබලයන් අඩු වීම මත ඉදිරි මැතිවරණයකදී පාර්ලිමෙන්තු පැමිණීමට ඉඩක් ඇතැයි තක්සේරුව මත ඔවුන් මෙම තීරණය ගනු ඇතැයි එම දිස්ත්‍රික්කයේ දේශපාලන වාර්තාකරුවන් කියා සිටිති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now