සමාජ මාධ්‍ය කළඹවමින් බිරිඳට බෙන්ස් රථයක් තෑගී දුන් සැලූන් හිමිකරු තියුණු ආයුධ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට (VIDEO)

By Sewvandhi Nov 12, 2021 01:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ 02, නවම් මාවත ප්‍රදේශයේ සුපිරි කොණ්ඩා සැකසුම් ආයතනයක් පවත්වාගෙන ගිය හිමිකරුවෙකුට අනුරාධපුර ප්‍රදේශයේදී එල්ලවූ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. නවම් මාවතේ පිහිටි Salon hisa care නම් කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරු මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව ජිවිත්ක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුරය, ඇලයාපත්තුව ප්‍රදේශයේ පිහිටි තරුණියකගේ නිවසට ගොස් ඇති අතර එහිදී එම තරුණියගේ සහෝදරයා සමග බහින්බස් වීමක් සිදුව ඇත. පසුව එහිදී එම තරුණියගේ සහෝදරයා විසින් මෙම කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම තරුණියගේ මව විසින් සඳහන් කර ඇත්තේ අදාළ කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරු සමග කතා කරමින් සිටි දියණිය " අයියා මාව බේර ගන්න" කියමින් කෑගැසූ බවයි.

එහිදී තමන් ඇතුළු පිරිස දියණියව නිවස තුල රඳවා ගෙන සිටි බවත් ටික වෙලාවකට පසුව ගොස් බලන විට ව්‍යාපාරිකයා බිම වැටී සිටින අයුරු දුටු බවයි. තියුණු ආයුධයෙන් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය වසරේදී මෙම කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරු විසින් සිය බිරිඳගේ උපන්දිනය දා බෙන්ස් වර්ගයේ සුඛෝපභෝගී කාර් රථයක් තෑගී වශයෙන් ලබාදුන් අතර එය මෙරට සමාජ මාධ්‍ය තුල සිඝ්‍රයෙන් ප්‍රචලිත විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha