ආයතන රැසක සේවකයින්ගේ මාසික වැටුප ඉහළ දමයි..සුභ ආරංචියක්.

Sri Lanka Salary more Private defense Nimal siripala de Silva
By Aruna Oct 04, 2021 03:24 AM GMT
Aruna

Aruna

Report

පෞද්ගලික ආරක්ෂක සේවාවන් වල නියුතු ආරක්ෂක නිලධාරීන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000 දක්වා වැඩි කර තිබෙනවා.

අගොස්තු 08 දින සිට මෙම වැටුප් පරිමාණය ක්‍රියාත්මක වන බවයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ.

මෙතෙක් පෞද්ගලික ආරක්ෂක අංශ අවම වැටුප පැවතියේ රුපියල් 10,500 ක් ලෙසයි.

ජාතික අවම වේතන සංශෝධනය අනුව අවම වේතනය රුපියල් 12,500 සහ අයවැය සහන දීමනා රුපියල් 3,500 එක්වීම සමග පෞද්ගලික අංශයේ අවම වේතනය රුපියල් 16,000 දක්වා වැඩිවන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එසේම පඩිපාලක සභා නීතියට අනුව පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දෛනික සේවා කාලය කෑම පැය සමග පැය නවයක් වනු ඇති.

ඊට අමතරව සේවය ලබා ගන්නේ නම් ඊට අතිකාල ගෙවිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවය කරන බහුතරයක් දෙනා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් බවත්, ඔවුන්ට වෛද්‍ය හෝ අනියම් නිවාඩු නොලැබෙන බවත් වාර්තා වනවා.

පවත්නා නීතිවලට අනුකූලව අදාල නිවාඩු ද මෙම සේවකයන්ට හිමිවන බවයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ. මෙම සම්මත නීති උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳ කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාට පැමිණිලි කිරීමටද හැකියාව පවතිනවා.

මෙම වැටුප් වැඩි කිරීමට අදාල යම් හිඟ වැටුපක් ගෙවීමට ඇත්නම් ඒ සඳහා එම ආරක්ෂක සමාගම්වලට සහන කාලයක් ලබාදීමට තීරණය වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now