තවත් සුබ ආරංචියක්. - රාජ්‍ය සේවකයින් පිරිසකට වැටුප් වැඩිවීමක්.

Government Employee Government Of Sri Lanka
By Wayomi May 23, 2024 12:14 PM GMT
Wayomi

Wayomi

Report

මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, එය විශාල ජයග්‍රහණයක් බවත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) අනාවරණ කළේය.

ඒ අනුව GN නමින් නව වැටුප් කේතයක් ග්‍රාම නිලධාරිවරුන් සඳහා හිමිවන අතර, අලුතින් එම සේවයට එක්වන ග්‍රාම නිලධාරිවරයෙකුගේ මූලික වැටුප රු. 28,940 සිට රු. 30,140ක් දක්වා ඉහළ යනු ඇත.

මෙන්න සුබ ආරංචියක් - මඟ බලාගෙන සිටි විභාගයක ප්‍රතිඵල නිකුත් කෙරේ.

මෙන්න සුබ ආරංචියක් - මඟ බලාගෙන සිටි විභාගයක ප්‍රතිඵල නිකුත් කෙරේ.


ග්‍රාම නිලධාරී සේවයේ 2 ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මූලික වැටුප රු.33,690 දක්වාත්, 1ශ්‍රේණියේ අයෙකුගේ මූලික වැටුප රු.38,590ක් දක්වාත් ඉහළ යාමට නියමිතය.

අදාළ ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රු. 1000 සිට 2000 දක්වාත්, නගර සභා සීමාව තුළ රු. 1500 සිට 3000 දක්වාත්, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රු. 1500 සිට රු. 3000 දක්වාත් ඉහළ නංවා 2024.04.01 සිට ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මීට අමතරව අනෙකුත් නිල ඇඳුම්, ගමන්, සන්නිවේදන දීමනා වැඩි කිරීම සඳහා, 2025 අය-වැය පිළියෙළ කිරීමේදී, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පියවර ගැනීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට නියම කර තිබෙනවා.

ඉදිරි පැය 36 තුළ සිදුවන කාලගුණ විපර්යාසය ගැන විශේෂ නිවේදනයක්.

ඉදිරි පැය 36 තුළ සිදුවන කාලගුණ විපර්යාසය ගැන විශේෂ නිවේදනයක්.


රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, විෂය භාර කැබිනට් අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තමන් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති නියෝජිතයන් සමග අඛණ්ඩව සාකච්ඡා කරමින් මෙම ජයග්‍රහණය ග්‍රාම නිලධාරිවරුන් වෙත ලබාදීමට කටයුතු කළ බවය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිල මැදුරේදී 2024.05.20 දින පැවති සාකච්ඡාවේදී ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන්ට මෙම විසඳුම පිළිබඳ කරුණු පැහැදිලි කර ඇති බවද ඔහු කිය. ඒ අනුව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි මහජන සේවාවක් පවත්වාගෙන යාම සඳහා, ග්‍රාම නිලධාරී දීමනා ඉහළ නැංවීම පිළිබඳ 2024.03.11 අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය හිමිව ඇති බවද, අනන්‍ය වැටුප් තලයකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද, ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරි සේවය ස්ථාපිත කිරීම සඳහා, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය(කෙටුම්පත), රජය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මේවනවිට ඉදිරිපත් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අනුර දිසානායක මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා, වැඩිදුරටත් කියා සිටියේ නව ග්‍රාම නිලධාරී පත්වීම් 1942ක් ලබාදීමද ලොකු ජයග්‍රහණයක් බවය.

විදේශීය නඩු තීන්දු බලාත්මක කිරීම සම්බන්ධයෙන් මෙරටදී ක්‍රියාත්මක කරන්න යන නව නීතිය මෙන්න.

විදේශීය නඩු තීන්දු බලාත්මක කිරීම සම්බන්ධයෙන් මෙරටදී ක්‍රියාත්මක කරන්න යන නව නීතිය මෙන්න.



Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%