විදේශීය නඩු තීන්දු බලාත්මක කිරීම සම්බන්ධයෙන් මෙරටදී ක්‍රියාත්මක කරන්න යන නව නීතිය මෙන්න.

Report

තවත් නව නීතියක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන්.

ඒ අනුව විවාහයක් විසුරුවා හැරීම හෝ අවලංගු කිරීම හෝ විවාහයේ පාර්ශවයන් වෙන්වීම සඳහා ප්‍රදානය කරන ලද විදේශීය නඩු තීන්දුවක් පිළිගැනීම සහ ලියාපදිංචි කිරීම සඳහා වන විධිවිධානද ඇතුළත් කරමින් විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍ය පිළිගැනීම ,ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර තිබෙනවා.

වෙසක් පොහොය දා දුන් පීසා දන්සල. - ජන ගඟක්. - (VIDEO)

වෙසක් පොහොය දා දුන් පීසා දන්සල. - ජන ගඟක්. - (VIDEO)


එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇති බවයි රජය පවසනවා.

ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

.......................................

May you Like