රන්ජන් නතර කල තැනින් සජිත් පටන් ගනී..

Sajith Ranjan
By Thaya Jan 17, 2021 08:14 PM GMT
Thaya

Thaya

Report

උපකාරක පන්ති ගුරුවරුන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා මුණ ගැසී සාකච්චාවක් සිදු කර ඇත.

පුද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීම සදහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙතෙක් ලාබ නොදීම ගැන ඔවුහු එහිදී සාකච්චා කලහ.

එම සාකච්චාවේදී විපක්‍ෂ නායකයා තම ජංගම දුරකථනයෙන් අදාල බලධාරීන් අමතමින් එම සංවාදය ප‍්‍රසිද්ධියේ ඇසෙන්න සැලැස්වීය.

හමුදාපති සවේන්ද්‍ර සිල්වා මහතා සෞඛ්‍ය සේවා සිය අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා ඒ අකාරයෙන් සජීවීව සම්බන්ධ කරමින් පේ‍්‍රමදාස මහතා එම ගැටලුව ඉදිරිපත් කළේය.

ඔවුන් එහිදී සඳහන් කරන ලද්දේ දින කිහිපයක් තුළ උපකාරක පන්ති ආරම්භ කිරීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන බවයි.

සජීවී සාකච්ඡාවලදී මීට පෙර දුරකථන ඇමතුම් ලබාගැනීමට ප්‍රසිද්ධ වී සිටියේ රංජන් රාමනායක මන්ත‍්‍රීවරයා වන අතර එම ඇමතුම් ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දැඩි විරෝධය එල්ල කරන ලදී.