“ඉන්ධන මිල වහා අඩු කරන්න” - සජිත්ගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්

Report

ඉන්ධන මිල අසාධාරණ ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් රජය වහාම එම තීරණය යළි සලකා බලා මිල අඩු කිරීමට පියවර ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු අද (11) නිකුත් කළ විශේෂ ප්‍රකාශයක සඳහන් කර ඇත්තේ, පැරණි තෙල් තොග සඳහා මෙලෙස මිල ඉහළ දැමීමෙන් පාරිභෝගිකයන්ට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බවයි.

තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70ක් පමණ වන අවස්ථාවක, මධ්‍යපෙරදිග යුද තත්ත්වය හේතුවක් කරගෙන ආනයනික තෙල් සඳහා භාවිතා කරන මිල සූත්‍රය වෙනස් කර ඉන්ධන මිල ඉහළ දැමීම දූෂිත හා වැරදි ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

ඉන්ධන මිල හදිසියේ ඉහළ යන බව පෙන්වා රජය මිල වැඩි කළද, පැය කිහිපයකින්ම ලෝක වෙළඳපොළේ තෙල් මිල නැවත පහළ යමින් පවතින බවත්, තෙල් බැරලයක මිල පෙර පැවති මට්ටමට වඩාද පහළ යමින් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම තීරණය හේතුවෙන් බදු බර වැඩිවීමත් සමඟ ජනතාවට අමතර පීඩනයක් එල්ල වී ඇති අතර, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් සහ කුඩා පරිමාණ නිෂ්පාදකයන් ඇතුළු ආදායම් උපයන සියලුම පිරිස්වලට අසාධාරණයක් සිදුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින්, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන මෙවැනි දූෂිත මිල සූත්‍රය වහාම ඉවත් කර, ආනයනික තෙල් බැරලයක මිල ඩොලර් 70 පදනම් කරගෙන දේශීය ඉන්ධන මිල තීරණය කළ යුතු බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

විදුලිය නිසා ලංකාව තවත් ආගාධයකට ඇඳ වැටන ලකුණු - සේවක ඉල්ලීම් දෙන්න නම් විදුලි බිල සීයට සීයකින් වැඩි කරන්න වෙයි

විදුලිය නිසා ලංකාව තවත් ආගාධයකට ඇඳ වැටන ලකුණු - සේවක ඉල්ලීම් දෙන්න නම් විදුලි බිල සීයට සීයකින් වැඩි කරන්න වෙයි

රජය එසේ නොකරන්නේ නම් එය ජනතාව රැවටීමක් වන අතර, ජනතාවගේ ජීවන අයිතියට දැඩි පහරක් වන බවද ඔහු සඳහන් කළේය.

එම නිසා ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ගත් තීරණය වහාම ආපසු හැරවිය යුතු අතර, බලශක්ති සම්පත් ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රායෝගික පියවර ගත යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.  

නොසිතූ මුදලකින් ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න

නොසිතූ මුදලකින් ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න

විදුලි වර්ජනය අවසන් - වෘත්තීය සමිති පසුබසී

විදුලි වර්ජනය අවසන් - වෘත්තීය සමිති පසුබසී