මිහින්තලේ රජමහා විහාරයේ විදුලිය විසන්ධි කරලා - විපක්ෂනායක වහා විදුලි බිල ගෙවා දමයි.
Sajith Premadasa
Sri Lanka Politician
Sri Lanka
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
By krishani
මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් ගෙවා දැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ ලක්ෂ 41 ක හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් බව විපක්ෂනායකවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
ඊයේ(03) රාත්‍රියේ මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කිරිම හේතුවෙන් මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක් පන්දම් රැගෙන මිහින්තලා කන්ද තරණය කර තිබෙනවා.
ඒ ලක්ෂ 41ක විදුලි බිල නොගෙවීම මත ඊයේ එම විහාරස්ථානයේ විදුලි බලය විසන්ධි කිරිම හේතුවෙන් ය.
