ක්‍රමය වෙනසක් වුනේ නෑ ආණ්ඩුවේ සායම අරින සජිත්

Sajith Premadasa National People's Power - NPP Sinhala news
By Mithu Jun 13, 2025 06:32 PM GMT
Mithu

Mithu

Report

වත්මන් රජය ක්‍රමයේ වෙනසක් ඇති කරන බවට පොරොන්දු වුවත් අද වන තෙක් කිසිම තැනක කිසිම ක්‍රම වෙනසක් සිදුවී නැතැයි විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රමයේ වෙනසක් වත් සිදු නොවී ඇති බව කී විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා හෝ අදාළ වගකිව යුත්තන් නොදැන සිරකරුවන් නිදහස් වන බව සඳහන් කළේය වරායෙන් රතු ලේබල් කන්ටේනර් 323ක් පවා නිදහස් වී ඇති බව කී ප්‍රේමදාස මහතා කිසිම තැනක ක්‍රමයේ වෙනසක් වී නැතැයි කීය.

“මම නෙමෙයි ඒක කළේ ජනාධිපති” – අධිකරණ ඇමතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

“මම නෙමෙයි ඒක කළේ ජනාධිපති” – අධිකරණ ඇමතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

ජනාධිපති සමාව යටතේ නිදහස්වන සිරකරුවන් ගැන ජනාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් නොදන්නේ නම් බහලුම් ගැන වගකියන්නේ කෙසේද කියා සිතාග නොහැකි බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. අයවැයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීම් පොලී වැඩි කිරීමද සිදු නොවූ බවත් සෑම රජයක්ම වැඩිහිටියන්ට 15%ක ඉතිරි කිරීමේ පොලියක් දුන්නත් අද එය අහිමි වී ඇති බව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා කීවේය.

දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි – ජීවිත 156ක් යන්තමින් බේරෙයි!

දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි – ජීවිත 156ක් යන්තමින් බේරෙයි!

ReeCha