කාලගුණයෙන් තවත් අනතුරු ඇඟවීමක්
පවතින අධික වර්ෂාමය තත්ත්වය හේතුවෙන් කාලගුණය රතු නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව මුහුදු අවට ප්‍රදේශය දැඩි රළු වීමකට ලක්විය හැකි එබැවින් මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ගමන් බිමන්වලින් වැළකීමට ජනතාව දැනුවත් කර තිබේ.
ඒ අතර නොකඩවා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයකටම නාය යෑම් අවධානම් තත්ත්වයක් පිළිබඳවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.එම ප්‍රදේශ ලෙස,
කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය කොට්ඨාසය
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස .
මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, නිවිතිගල, ඇහැලියගොඩ සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි.
මෙම අනතුරු ඇඟවීම් හෙට (15) පස්වරු 04.00 දක්වා බලාත්මකයි.
