අලුත්ම අනාවරණය..රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවය තියෙන්නේ මෙයාලට...ප්‍රවේසම් වන්නයි දැනුම් දෙයි
By Kaushi
හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා විසින් වයස අවුරුදු 20ත් 40ත් අතර වයසේ තරුණ තරුණියන් අතර හෘදයාබාධ ඇති වීමේ ප්‍රවණතාවය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කරයි.
එසේම මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන තරුණ රෝගීන් දස දෙනෙකුගෙන් පස් දෙනෙකුටම හෘදයාබාධ පවතින බවයි.
අද වන විට විවිධ හේතුමත මෙරට වැඩි පිරිසක් බෝ නොවන රෝගවලට ගොදුරුවන බව වාර්තා වී ඇත.
එයින් ද හෘදයාබාධවලට ලක්වන පිරිස 20%කින් පමණ ඉහළ ගොස් ඇති බවට පසුගියදා සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.
දුම් පානය , අධි රුධිර පීඩනය ,අධි කොලෙස්ට්‍රෝල් , දියවැඩියාව තරබාරුකම මෙන්ම ආතතිය ද හෘදයාබාධ සඳහා බලපාන බව පවසයි.
මෙම තත්ත්ව පාලනය කරගත්තොත් හෘදයාබාධයක් එන එක 80%ක් ම පාලනය කරගත හැකි බව ද වාර්තා වේ.
