ඉරාන ඊශ්‍රායල යුද්දෙ නිසා ලාංකිකයොන්ට අත් වූ ඉරණම...ඉදිරිය තීරණාත්මකයි...
විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය මඟින් ඊශ්‍රායලය සහ ඉරානය අතර සිදුව ඇති යුදමය තත්ත්වයන් පිළිබඳව මෙරටින් සමීපව නිරීක්ෂණය කරන බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා නිවේදනයක් නිකුත් කරමින් දැඩිව උපදෙස් ලබා දී ඇත්තේ පවතින තත්ත්වයන් යටතේ එම කලාපයන්වල පදිංචි වී සිටින හෝ සංචාරය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්හට ළඟම ඇති ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ නිතිපතා සම්බන්ධතා පවත්වන ලෙසයි.
තවද මෙම කාල වකවානුව තුළ දී ශ්‍රී ලාංකිකයින්ට සහාය වීම වෙනුවෙන් පැය 24 පුරාවට හදිසි සම්බන්ධතා මාර්ග ක්‍රියාත්මක කරන ලෙස ද මැද පෙරදිග සෑම ශ්‍රී ලංකා දූත මණ්ඩලයක් වෙතම උපදෙස් ලබා දී ඇති බවත් ඔහු කියා ඇත.
එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පහත දක්වා ඇති දුරකථන අංක ඔස්සේ හදිසි සම්බන්ධතා සඳහා පැය 24 පුරාවට ශ්‍රී ලාංකිකයින්ට සම්බන්ධ විය හැකි බවයි.
හදිසි සම්බන්ධතා තොරතුරු
📍 Embassy of Sri Lanka – Israel
▪️+94 71 844 7305 – Deputy Head of Mission
▪️ +94 71 683 3513 – Advisor (Labour Welfare)
▪️ +94 71 974 2095 – Second Secretary (Labour Welfare)
(WhatsApp – Emergencies only)
📍 Embassy of Sri Lanka – Tehran
▪️ Mr. K.G.U. Lakmal, Chargé d’Affaires a.i.
▪️ +98 939 205 5161
(WhatsApp – Emergencies only)
එමෙන්ම මේ සඳහා අවශ්‍ය ආකාරයට වැඩිදුර යාවත්කාලීන කිරීම් නිකුත් කරනු ලබන බව දන්වයි.
කෙසේ වෙතත් විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය සෑම පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ කලාපයේ සියලුම ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල උපදෙස්වලට සහයෝගය දක්වන ලෙසත් ය.

රැඳවියාට සමාව දීම ගැන සම්පූර්ණ පැටිකිරිය එළියට...මහ මොළකරු බැසිල් ද? රට පැනලා එන්නෙ නැත්තෙත් ඒ නිසා..
