තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය නවතී
India
Weather
Sinhala news
By Mithu
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ මුහුදේ ස්වභාවය මත ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබේ.
අද (14) සිට එළඹෙන 18 වනදා එම මගී යාත්‍රා සේවය තාවකාලිකව නතර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කාලගුණික තත්ත්වය යථා තත්ත්වයට පත් වූ පසූ නැවත මෙම සේවය ආරම්භ කිරීමට නියමිතය.
