ගෑස් පිපිරීමේ ගැටළුවට සජිත්ගෙන් විසඳුමක් ..?

By Sithumi Dec 14, 2021 11:25 AM GMT
Sithumi

Sithumi

Report

 රටපුරා සිදුවන ගෑස් පිපිරීම් හේතුවෙන් වින්දිතයින් බවට පත්වන සියලු දෙනා වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේ නීති සහය ලබා දෙන බවත් ඒ උදෙසා විපක්ෂ නායක කාර්යාලය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රමිතියක් නැති ආණ්ඩුවක් තියෙන රටකින් ප්‍රමිතිගත දෙයක් බලාපොරොත්තු වෙන්නට බැරි බවත් කළයුත්තේ ප්‍රමිතිය නැති පාලනය ඉවත් කිරීම බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

බාල ප්‍රමිතියෙන් යුතු පොහොර ගෙන්වීමෙන් අද වන විට රට මහා විනාශයකට තල්ලු වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා රටේ ආර්ථිකයත් ගොවි ජනතාවගේ ජීවිතත් ආණ්ඩුව විසින් අනතුරකට හෙලා ඇතැයිද පැවසීය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now