ගිණුමකට 15%ක ඉහළ පොළියක්?.

Sajith Premadasa Sri Lanka Politician Latest Headlines Decision Making
By krishani Apr 04, 2024 04:33 PM GMT
krishani

krishani

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ගිණුමකට 15%ක ඉහළ පොළියක්?. | Sajith Premadasa Announsment

ඒ දූ දරුවන් මෙන්ම වැඩිහිටියන් ආරක්ෂා කිරීම, වැඩිහිටියන්ගේ ජන ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ට අදාළ රැකවරණය හා පහසුකම් ලබා දීම ශිෂ්ඨ සම්පන්න ජන සමාජයක තිබිය යුතු උතුම් ගුණාංගයක් බවයි.

මැයි මාසයේ වැටුපට එක් වෙන දීමනාව..

මැයි මාසයේ වැටුපට එක් වෙන දීමනාව..


ඒ අනුව මේ මොහොතේ ජීවිතයේ සැදැ සමයේ සිටින වැඩිහිටියන්ගේ ගිණුම්වලට ලැබුණු 15%ක පොලි ආදායම 6%ට 8%ට පහත දමා ඇති බව ඒ මහතා පැවසීය.

එමෙන්ම, මොවුන් දහඩිය මහන්සියෙන් ඉතිරි කර ගත් මුදලට ලැබුණු පොළියෙන් ඒ වැඩිහිටි ජනතාව තමන්ගේ බෙහෙත් ඇතුළු අවශ්‍යතා සපුරා ගත් බව ද ඒ මහතා සඳහන් කළේ ය.

රාජ්‍ය සේවයට අලුත් බලාපොරොත්තුවක්?. ගත්ත විශේෂ තීරණයක් මෙන්න..

රාජ්‍ය සේවයට අලුත් බලාපොරොත්තුවක්?. ගත්ත විශේෂ තීරණයක් මෙන්න..


මේ වන විට එම පොලි අනුපාත බාලයටත් වඩා අඩු කර ඇති මොහොතක සියලුම දේශපාලනඥයන් මේ ගැන අවධානය යොමු කළ යුතු බව විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, මේ නිසා වැඩිහිටියන්ට අත්වන ඉරණම ගැන අවධානය යොමු කරන ලෙසත් මේ සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ හඬ නඟා එම පොලිය 15%ට ලබා දෙන ලෙස යෝජනා කළ බවත් එම යෝජනාව මහපොළොවේ යථාර්ථයක් වී ක්‍රියාත්මක වනතෙක් තමා ඒ වෙනුවෙන් හඬ නගන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියලා සිටියේ ය.