අඩේ ගහපියව් ඒකටවත් අප්පුඩියක්..මුං මාර බඩුනෙ මං කියන්නෙ වී බියර්වලට දෙන්න පුළුවන්, නාමලුත් අප්පුඩියක් ඉල්ලයි
හෙක්ටයාරයකින් වී කිලෝ 12000ක අස්වැන්නක් ලබාගත හැකි වී ප්‍රභේද ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විසින් දැනටමත් සොයාගෙන ඇති බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකශ කරයි.
ඒ අනුව ඔහු මේ බව ඊයේ (17) පැවති උස්ගල, සියඹලන්ගමුව වැව් ඇළවේලි පද්ධතිය පිළිසකර කිරීමේ සමාරම්භක උත්සවය අමතමින් සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා
”ප්‍රාදේශීය සභාවලට අවශ්‍ය වෙන මැෂින් ටික අපි එකින් එකට ගන්නවා. ඔය එහා පැත්තෙ මහව ගත්තොත් ගලි බවුසරයක් ගන්නවා, මෝටර් ග්‍රේඩරයක් ගන්නවා ප්‍රාදේශීය සභාවට. ඊළඟට පොල්පිතිගම ගත්තොත් මෝටර් ග්‍රේඩරයක් ගන්නවා. මේවා පිළිවෙලට හදනවා, බය වෙන්න එපා. අද අපේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා හෙක්ටරයාර් එකකින් වී කිලෝ 12000ක් ගන්න පුළුවන් වී ප්‍රභේද. සන්තෝස නැද්ද ? අඩේ ගහපියව් ඒකටවත් අප්පුඩියක් මං කියන්නෙ. මුං මාර බඩුනෙ මං කියන්නෙ … අපේ රටේ විද්‍යාඥයෝ … අද අපි හෙක්ටයාර් එක්කින් වී කිලෝ කීයක්ද ගන්නෙ ? අක්කර දෙකහමාරකින් ? කවුරුහරි කියහංකෝ … 4000 නෙ ගන්නෙ ? 4000 යි. එහෙම නම් කිලෝ 12000ක් ගන්න පුළුවන් වී ප්‍රභේද අපෙ විද්‍යාඥයෝ හොයාගත්තා කිව්වාම එන්න ඕනෙ නැද්ද පටගාලා අප්පුඩියක් ? අනිවාර්යයෙන් වී වගාව අපි උඩට උස්සනවා. එතකොට අපි වී නිෂ්පාදනය කරන්නෙ බත් කන්ඩ විතරක් නෙවෙයි. වී වලින් සත්තුන්ට කන්ඩ දෙන්න පුළුවන්, බියර්වලට දෙන්න පුළුවන්, පාන් පිටිවලට ආදේශකයක් විදියට යන්න පුළුවන්, ඒ වගේම තමයි ජාත්‍යන්තර වෙළඳපොල ඉලක්ක කරගත්තු නිෂ්පාදන ක්‍රියාවලියකටත් අපි යන්න ඕනෙකම තියෙනවා. ඒකට අපට කන්න තුන හතරක් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා”