මැයි මාසයේ වැටුපට එක් වෙන දීමනාව..
By krishani
සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සති 03කට අත්හිටුවීමට ඊයේ (02) තීරණය කළේ ය.
වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ට ද ලැබෙන බවත් මැයි මාසයේ වැටුපට ඉන් 50%ක් එකතු වීමට නියමිත බවත් එම සන්ධානය සඳහන් කළේ ය.
ඒ අනුව වෘත්තීය සමිති 72 කින් සමන්විත සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (03) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළේ ය.