හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, අනුර ප්‍රියදර්ශන යාපා සහ රෝහිත අබේගුණවර්ධනට ආයෙත් තොණ්ඩු වැටෙන අලි කේස් එකක්

Mahindananda Aluthgamage Anura Priyadharshana Yapa Rohitha Abeygunawardana Law and Order Sinhala news
By Kaushi Aug 18, 2025 04:13 PM GMT
Kaushi

Kaushi

Report

මුල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරන ලද විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරුන් තිදෙනකු පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, අනුර ප්‍රියදර්ශන යාපා සහ රෝහිත අබේගුණවර්ධන යන අය පිළිබඳව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

එසේම 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධීකරණ වැලැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ‍මෙම හිටපු අමාත්‍යවරුන් තම වත්කම් උපයාගැනීම පිළිබඳව අඳාළ විමර්ශනය ආරම්භ කරනු ලැබ ඇති බව ද පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් සඳහන් කරයි.

එනිසා ඉදිරියේදී මෙම හිටපු අමාත්‍යවරුන් අදාළ අංශයට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණයට අදාළ හිටපු අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ මේ වන විටත් වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් සිරදඩුවම් විඳිමින් සිටිනවා.

දෙයියනේ ඉස්කෝලේ බෝම්බ තියලා, හදිසියේම පාසල් කීපයක් වසයි

දෙයියනේ ඉස්කෝලේ බෝම්බ තියලා, හදිසියේම පාසල් කීපයක් වසයි

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්