සජිත්ට 56%ක ඡන්ද ප්‍රතිශතයක්..තවත් සමීක්ෂණයකින් හෙළි වූ දේ මෙන්න.

Anura Dissanayake Ranil Wickremesinghe Sajith Premadasa Sri Lanka Presidential Election 2024
By Aruna Aug 03, 2024 12:47 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට සියයට පණහක ඡන්ද ප්‍රතිශතය මේ වන විටත් තහවුරු වී අවසන් බව සමීක්‍ෂනවලින් තහවුරු කර ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කර සිටිනවා.

මේ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රතිශතය බොහෝ දුරට සියයට පනහෙන් එපිට සියයට පනස් පහ පනස් හය දක්වා ඉහළ යා හැකි බවයි නලින් මහතා කියා සිටියේ.

කටක,වෘශ්චික,මකර සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැති නම් වෙන දේ මෙන්න..

කටක,වෘශ්චික,මකර සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැති නම් වෙන දේ මෙන්න..


අනෙක් අපේක්ෂකයන් අතර ඇත්තේ ඉතිරි ඡන්ද ප්‍රතිශතය බෙදා ගැනීමේ සටනක් පමණක් බවයි හෙතෙම අවධාරණය කළේ.

හෙතෙම තවදුරටත් කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වන්නේ ගෝඨාභය රාජපක්ෂ මෙන් වසර දෙකකින් දමා යන්නට නොව වාර දෙකක් ජනාධිපති ධුරය දැරීමට බවයි.

සමගි ජන බලවේග පක්ෂයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කළේ ය.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද සිය නවතම සමීක්ෂණ වාර්තාවක් පසුගිය දා එළි දක්වනු ලැබීය.

පසුගියදා එලිදක්වා ඇති මෙම වාර්තාව අනුව සමගි ජන බලවේගය සමීක්ෂණයට සහභාගි වූ පුද්ගලයන්ගෙන් 38%ක ප්‍රතිශතයක් දක්වා වර්ධනය වී ඇති බවයි සටහන් වන්නේ.

තවද ජාතික ජන බලවේගය 26% ඡුන්ද පදනම දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබීම ද විශේෂත්වයක්.

මේ අතර, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේද ප්‍රතිශතය 16%ක් දක්වා වර්ධනය වී ඇති අතර එක්සත් ජාතික පක්ෂය 7%ක් දක්වා පැමිණ ඇත.

තීරණයක් ගෙන නැති ප්‍රතිශතය 8%ක් බවයි එහි සඳහන් වන්නේ.