රට ගොඩගන්න සජිත් ගෙන් අලුත්ම ක්‍රමවේදයක්..

Sajith Premadasa Sri Lanka Politician Financial crisis
By Sithumi Jul 05, 2022 06:32 PM GMT
Sithumi

Sithumi

Report

පසුගිය වසර 3කට ආසන්න කාලය තුළ මේ රටේ පාලකයන් අනෙක් පුද්ගලයන් විසින් කියන දේ අහන් නැතිව තමන් පමණක් හරි බවට සිතා කටයුතු කිරීම නිසා වර්තමානයේ රට විශාල අගාධයකට පත්ව ඇති බවත් මින් මිදීමට නම් සියලු දෙනා එකට එකතු වී සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයකට යා යුතු බවත් (4) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒකාධිපතීත්වයෙන් තොරව සියලු දෙනාගේ මතවලට ඇහුම්කන් දෙන සමාජ ප්‍රතිසංස්කරණයක් තුළින් රට ගොඩනැගිය හැකි බවත් ඒ සඳහා ප්‍රගතිශීලී පක්ෂයන්ගේ යෝජනා සහ අදහස්වලට ඇහුම්කන් දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අවසානයේ විපක්ෂයේ අරමුණ වන්නේ විවිධාංගීකරණයට ලක් වූ අදහස් එකට එකතු කළ හැකි පොදු ජාතික න්‍යාය පත්‍රයක් හරහා රට නැවතත් ගොඩනැගීම බවයි.

එම න්‍යාය පත්‍රය තුළින් රටේ ජනතාවගේ අහිමි වී ගිය හුස්ම නැවතත් ලබා දිය හැකි බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය. බරපතළ ලෙස කඩා වැටී ඇති දේශය ගොඩනැගීම උදෙසා වූ “ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන” වැඩසටහනේ තීරණාත්මක හමුවක් (04) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, වෛද්‍ය රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, සී.විග්නේෂ්වරන්, පී. දිගම්බරම්, ඇතුළු දේශපාලන නායකයින් රැසක් ද, වික්ටර් අයිවන්, ජනරංජන, ගාමිණී වියංගොඩ, රොහාන් සමරජීව ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now